
අධිකරණය හා නීති ප්‍රතිසංස්කරණය නව අමාත්‍යවරයා ලෙස මිලින්ද මොරගොඩ අද ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරියේ දිව්රුම් දුන්නේය. අමරසිරි දොඩංගොඩ මහතා අභාවප්‍රාප්තවීමෙන් පසුව මෙම අමාත්‍යධුරය පුරප්පාඩු විය. මිලින්ද මොරගොඩ විපක්ෂයේ සිට ආණ්ඩු පක්ෂයට පැති මාරු කිරීමෙන් පසුව සංචාරක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර, එම අමාත්‍යධුරය භාර ගැනීම නිසා පුරප්පාඩු වන සංචාරක අමාත්‍යධුරය සඳහා ජාතික නිදහස් පෙරමුණේ ලේකම් නන්දන ගුණතිලක අද පස්වරුවේ ජනාධිපතිවරයා හමුවේ දිවුරුම් දීමට නියමිතව තිබිණි.මීට අමතරව ජා.නි.පේ. කළුතර දිස්ත්‍රික් මන්ත්‍රි පියසිරි විජේනායකට සංස්කෘතික කටයුතු පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යධූරය හිමි වෙයි.
යුද්ධයෙන් අවතැන්ව සිටින තුන් ලක්ෂයක් දෙමළ ජනතාව පුනුරුත්ථාපනය කිරීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව ගෙන ඇති පියවර ප්‍රමාණවත් නැතැයි ඉන්දීය ආණ්ඩුව ප්‍රකාශ කර සිටී. දකුණු ඉන්දීය තමිල්නාඩුවේ කරයිකුඩහිදි මාධ්‍යවේදීන් ඇමතු ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති පරෙයිඅප්පන් චිදම්බරන්අවතැන් වූවන් වෙනුවෙන් ශ්‍රී ලංකාව මෙතෙක් ගෙන ඇති පියවර පිළිබදව තමන්ට සතුටු විය නොහැකි බව ප්‍රකාශ කර සිටී.එමෙන්ම අවතැන් වූවන් රඳවා සිටින කඳවුරු වල සංචාරය කිරීම සඳහා ජාත්‍යන්තර නිරීක්ෂකයන්ට, රතු කරුසය වැනි ජාත්‍යන්තර සංවිධාන වලට මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ට ද ශ්‍රී ලංකා ආණ්ඩුව අවසර දිය යුතු බවද අමාත්‍ය සිදම්බරන් පැවසීය.
උතුරේ දෙමළ ප්‍රශ්ණයට විසඳුමක් වශයෙන් පළාත් සභා වලට බලය ලබාදෙන 13 වන ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කලහොත් තම පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වන බව ජාතික හෙළ උරුමය ප්‍රකාශ කරයි.හෙළ උරුමයේ ප්‍රතිපත්ති සම්පාදක, පාරිසරික හා ස්වාභාවික සම්පත් ඇමති පාඨලි චම්පික රණවක මේ බව සඳහන් කළේය.ඔහු පවසන අන්දමට 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාවට නැංවුවහොත් ඒ තුළින් රටට බරපතල විනාශයක් සිදුවෙයි.රජය තුළ සිටින ඇතැම් පිරිස් 13 වන ව්‍යවස්ථාවට එහා ගිය විසඳුම් ගැන පවා කථා කරන බවත්,
තෝරාගත් පාසල් සඳහා දිවා ආහාර සපයන වැඩසටහන සඳහා මේ වසරේදී රුපියල් කෝටි 270ක් වෙන්කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් පේර්මජයන්ත් පවසයි.මේ සඳහා ආහාර සපයන්නන්ට ජූනි මාසය දක්වා රුපියල් කෝටි 53.1ක මුදලක් මෙතෙක් ගෙවා ඇති අතර ඉතිරි මුදල් ඔවුනට ලබාදීම පිණිස භාණ්ඩාගාරය සහ සාකච්ඡා කර ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය.වැඩිදුරටත් කරුණු දැක්වූ කියා සිටියේ
පෙට්‍රල් හා ඩීසල් ලීටරයක මිල රුපියල් 21 ත් 23 ත් අතර ප්‍රමාණයකින් ඉහළ දමන්නැයි, ලංකා IOC සමාගම ඛනිජ තෙල් හා ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍යවරයාගෙන් අද ඉල්ලීමක් කළ බව, එම සමාගම කියයි.ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ඉහළ යාම හමුවේ තම සමාගම පසුගිය මාස දෙක තුළ අලෙවි කළ පෙට්‍රල් හා ඩීසල් ලීටරයකින් රුපියල් 15 ක අලාභ ලද බව කී ලංකා IOC කළමණාකාර අධ්‍යක්ෂක සුරේෂ් කුමාර් එම අලාභය මේ මාසයේ රුපියල් 21 ත් 23 ත් ප්‍රමාණයක් දක්වා ඉහළ නැග ඇති බව පැවසීය.
ඉන්දියන් ඔයිල් හෙවත් ලංකා IOC සමාගම සමග රජය ඇති කරගත් ගිවිසුම ඉදිරියේදි සංශෝධනය කිරිමට පියවර ගන්නා බව, ඛණිජ සම්පත් සංවර්ධන අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. මෙතෙක් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන අලෙවි සැල් 01 ක් විවෘත කරන විට ලංකා IOC සමාගමද එක් අලෙවි සලක් විවෘත කිරීමට ගිවිසුම් ප්‍රකාරව බලය හිමිව තිබූ බවට ජනතා විමුක්ති පෙරමුණ නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
උතුරට ඉඩම් හා පොලිස් බලතල ලබාදුන්නොත් තවත් ප්රභාකරන් කෙනෙක් බිහිවීම වැළැක්විය නොහැකි බව පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසයි.එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති අමාත්‍ය තෙන්නකෝන් "ප්රභාකරන් ජීවත්වෙලා ඉන්න කොට පොලිස් බලතල ලැබුණ නම් මිනිහ නොකරන දෙයක් නැහැ. ඒ නිසා ඒ ගැන තීරණය කරන්න ඕනෙ හොදට හිතල බලලයි. මට හිතෙන හැටියට නං උතුරට පොලිස් බලතල දිය යුත්තේ මහ ඇමැති හැටියට පත්වන පුද්ගලයාටයි. නමුත් ඒකෙත් ලොකු ප්‍රශ්නයක්.මොකද නරක මිනිහෙකුට ඒ බලතල ලැබුනොත් මොකද්ද සිද් වෙන්නෙ. එහෙම වුණොත් ප්‍රතිපල භයානක වෙනවා. ඉන්දියාවේ ඔය විදියට බලතලදීල සංශෝධන එකසිය ගණනක් කරන්න සිද්දවුණා.
රාජ්‍ය නායකයා වශයෙන් මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණ දේශපාලන විසඳුමක් පිළිබඳව පැහැදිලි පොරොන්දුවක් ලබාදී තිබියදී හෙළ උරුමක්කාරයන්ගේ මත සම්බන්ධයෙන් කිසිවකුත් කලබල විය යුතු නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික සහ එහි මහ ලේකම් වරයා පැවසීය.කොටි ත්‍රස්තවාදය අතුගා දැමීමේ විජයග්‍රහණයේ මතය කරළියෙන් ඉවත් කිරීමට සමහරුන් දරණ උත්සාහයට ඉඩදිය යුතු නැති බවද ඇමැති අලහප්පෙරුම ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂයෙන් රජයට එක්වූ තවත් පිරිසකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකධුර පිරිනැමීම ජනාධිපති මහින්ද රාජපක්ෂ අතින් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී සිදුකෙරේ. රජයේ අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධනට හෝමාගම ආසනය ද, ගාමිණී ලොකුගේට කැස්බෑවආසනය ද, පී.දයාරත්නමහතාට අම්පාර දිස්ත්‍රික්කයේ ආසනයක් ද, මනෝ විජයරත්නට දැදිගම ආසනය ද පිරිනැමීය. ඇත.ගාමිණී දිසානායකගේදෙවැනි පුත් මයන්ත දිසානායකට ද අම්පාර දිස්ත්‍රික්කයේ ශ්‍රී.ල.නි.ප. ආසනසංවිධායක ධුරයක් පිරිනැමීය.
රජයට භාර වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකාවන් රැඳවීම සඳහා වෙන ම කඳවුරක් ඉදි කිරීමට අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. අමාත්‍යාංශ ලේකම් සුහද ගම්ලත් මහතා පැවසුවේ, දහසකට ආසන්න එල්.ටී.ටී.ඊ. සාමාජිකාවන් සංඛ්‍යාවක් මේ වන විට රජයට භාර වී ඇති බවය.ඔවුන් පුනරුත්ථාපනය කිරීම සඳහා දැනටමත් විශේෂ සැලසුමක් සකස් කර අවසන්ය.මේ යටතේ අදාළ පිරිස් ඉලක්ක කර වෘත්තිය පුහුණු පාඨමාලා රැසක් ආරම්භ කිරීමට අපේක්ෂිතය.
නැගෙනහිර මෙන්ම යාපනයේ ධීවර ජනතාවට දවසේ පැය 24 පුරා ධීවර කර්මාන්තයේ යෙදීමට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි අවසර ලබාදී තිබේ.අනුව ආරක්ෂක හේතූන් මත යාපනය ධීවරයින්ට පනවා තිබූ සියලු තහනම් අද සිට ඉවත් කෙරේ.මේ බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර බැසිල් රාජපක්ෂ ඊයේ නිල වශයෙන් දැනුම් දුන්නේය.
ශී‍්‍ර ලංකා මුහුදු සීමාවට පැමිණි ‘කැප්ටන් අලී’ නෞකාව නාවුක හමුදාව විසින් ඊයේ (04) අලුයම නාවික හමුදා භාරයට ගෙන තිබේ.මේ නෞකාව මානුෂිය ආධාර රැගෙන එමින් සිටි බව පැවසේ. කොටි හිතවාදීන් විසින් මේ නෞකාවට භාණ්ඩ ලබාදී ඇතැයි කියති.වනන්ගාමි’ නැමැති නෞකාවෙන් එංගලන්තයේ සිට ප්‍රංශයට මේ භාණ්ඩ ප්‍රවාහනය කැර පසුව ප්‍රංශයේ දී ඒවා ‘කැප්ටන් අලී’ නෞකාවට පටවා ඇති බවට තොරතුරු හෙළි වී තිබේ.