Home About Us

About us

E-mail Print PDF

“ශ්‍රිකොළම” කිව්වම ඒ මොකක්ද ඒ හරුපේ තේරුම කියල වටපිට බලනවද ? අපිට ඉතින් වැඩිය පුරුදු “ශ්‍රිකොළම” නෙවේනෙ. අපේ රටේ වඩිපුරම තියෙන්නෙ දේශපාලන කොළම් කියල කියතැහෑකි. ඒකනිසාම ශ්‍රිකොළම ශ්‍රී ලංකාවේ රාජ රාජ මහාමාත්‍යවරුන්ගේ මෙන්ම පක්ෂ විපක්ෂකාරකාදින්ගේ කොළම් ද වේදිකාවට ගෙන එන්නෙ කොළම්වල හාස්‍ය රසය උදෙසා පමනක් නොවේ, අවසාන විග්‍රහයෙහි මෙසිරිලක දේශපාලන, ආර්ථික, සහ සමාජ වර්ධනය උදෙස ඉවහල්වන ගමන් මගකට යම් හෝ දායකත්වයක් ලබාදීමත් ශ්‍රිකොළමුන් වන අපෙගේ නිහතමනි අපේක්ෂාවයි. ‍

ශ්‍රිකොළම ගැන අපිම පුරසාරම් දොඩවනවට වඩා අපේ වැඩ දිහා බලලම ඒ ගන තෙරුම් ගන්න බලන්නකෝ. ඒ විතරක් නොවේ ශ්‍රි ලංකාව ගැන යම් හෝ උනන්දූවක්, කැක්කුමක් හෝ තරහක් -මරහක් අති මෙරට හෝ පිටරටවල වාසය කරන සැම අයකුටම තම අදහස්-උදහස් කෙටියෙන් දැක්වීමට ද අපි ඉඩ හරින්නෙමු. සිංහලට උදක් බර උනත් ද්‍රවිඩ ඉංග්‍රිසි බසින්ද අප ඇමතීමට ඔබේ මතවාද සරලව දැක්වීමට ද ශ්‍රිකොලම වේදිකාවක් කර ගන්න පුලුවන්. මොනව කිව්වත් මොනවකලත් හැදිච්ච මිනිසුන් ලෙස කල යුතුමයි. පුද්ගල අපහාස අවලාද අවම කිරීමද අත්‍යාවශ්‍ය බව ශ්‍රිකොළමෙ විශ්වසයයි. එහෙනම් ඉතින් වඩේ පටන් ගනිමු.

ස්වස්ති සිද්ධම් !

Last Updated ( Thursday, 30 October 2008 11:37 )