Home Category Blog ජෙනරාල් පැහැරගෙන ගියේ ඡන්ද පෙත්සමෙන් ජනපතිට එල්ලවන අභියෝග වලක්වන්නයි -එජාප මහලේකම්

ජෙනරාල් පැහැරගෙන ගියේ ඡන්ද පෙත්සමෙන් ජනපතිට එල්ලවන අභියෝග වලක්වන්නයි -එජාප මහලේකම්

E-mail Print PDF

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නීති විරෝධී ලෙස පැහැරගෙන ගොස් හිරිහැර කරන්නේ ජනාධිපතිට එරෙහිව ඉදිරිපත් කරන ඡන්ද පෙත්සමෙන් ජනාධිපතිවරයාට එල්ලවන අභියෝගය වලක්වා ගැනීමට බව එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා කියයි මේ පැහැර ගැනීම පැහැදිලි ලෙසම දේශපාලන පළිගැනීමක් බවට චෝදනා කරන ඒ මහතා, මේ මිලේච්ඡක‍්‍රියාව දැඩි ලෙසම හෙළා දකින බව කීවේය. එජාප මහලේකම්වරයා මේ ප‍්‍රකාශය කළේ විපක්ෂ නායක නිල නිවසේ අද පැවැති මාධ්‍ය හමුවේදීය. කීර්තිමත් සේවාවක් කළ මෑත කාලයේ බිහිවූ නිර්භීතම හමුදාපති ලෙස ෆොන්සේකා මහතා හැඳින්වු එජාප මහ ලේකම්වරයා, ඔහු පැහැර ගැනීම පිටුපස විශාල රහසක් තිබෙන බවත්, හමුදාපති හා ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී වශයෙන් සිටි කාලයේ සිදු කළ වරදවල් හා ඔහුට විරුද්ධව ඇති චෝදනා නිසා අත්අඩංගුවට ගත් බව කෙහෙලිය රඹුක්වැල්ල ඇමැතිවරයා හා අගමැතිවරයා ප‍්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තා කර තිබෙන බවත්, තනතුරු දරන කාලයේ කළ වරදවල්වලට එදා පියවර නොගෙන 2009 ජූලි 15 වනදා හමුදා සේවයෙන් විශ‍්‍රාම ගියාට පසුව, ෆොන්සේකා මහතාට ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් පදවියත් තවත් විවිධ තනතුරුත් ආණ්ඩුව විසින් යෝජනා කළේ ඇයි දැයි ප‍්‍රශ්න කරන බවත්, ෆොන්සේකා මහතාගේ අවසන් සමුගැනීමේදී ඔහුට දේශපාලනයට එන්න එපායි ජනාධිපතිවරයා ඉල්ලීමක් කළ බවත් කීවේය.

ෆොන්සේකා මහතාට විරුද්ධව ඇති චෝදනා කුමක්දැයි නිශ්චිතව කීමට ආණ්ඩුවත්, ආණ්ඩුවේ ඇමැතිවරුන් මෙන්ම හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ප‍්‍රසාද් සමරසිංහ මහතාත් අසමත්වී සිටින අතර, කෙනෙකු අත්අඩංගුවට ගන්නවා නම් පැහැදිලි චෝදනා තිබිය යුතු යැයි ද ජනාධිපති ඡුන්ද ප‍්‍රතිඵලය අභියෝගයට ලක්කරමින් ලබන සඳුදා ඉදිරිපත් කිරීම යන ඡුන්ද පෙත්සම වැළැක්වීමට කළ බලපෑමක් ලෙස ෆොන්සේකා මහතාගේ අත්අඩංගුවට ගැනීම හඳුන්වන්නේ යැයි ද ඒ මහතා පැවැසුවේය.

ුන්ද පෙත්සමේ පෙත්සම්කරු වන්නේ ෆොන්සේකා මහතා වන අතර, එය පෙබරවාරි 17 වනදාට පෙර ඉදිරිපත් කළ යුතු අතර, ඒ සම්බන්ධව නීතිමය කටයුතු සඳහා ෆොන්සේකා මහතා හමුවීමට නීතිඥයින්ට අවස්ථාවක් ලබාදී නැති බවත්, එසේ ඔහු අත්අඩංගුවට ගැනීම නීත්‍යානුකූලව කිසිම අධිකරණයකට වාර්තා කර නැති බවත්, පැවසු අත්තනායක මහතා ෆොන්සේකා මහතාගේ ජීවිතය ආරක්‍ෂා කරන ලෙස ඉල්ලා සිටින බවත්, මේ තත්ත්වය ගැන ජාත්‍යන්තරය ද දැනුවත් කර තිබෙන බවත් අත්තනායක මහතා සඳහන් කළේය.

ෆොන්සේකා මහතාට අමතරව හමුදාවෙන් විශ‍්‍රාම ගිය නිලධාරීන් ද සමග තවත් විශාල පිරිසක් කිසිම චෝදනාවක් නැතිව රැඳවුම් නියෝග මත අත්අඩංගුවට ගෙන සිටින බවත්, ආයුධයක් තබා ‘බ්ලේඞ්’ එකක්වත් ඔවුන් සතුව නැති බව පරීක්‍ෂණ පවත්වන අයගෙන්ම තොරතුරු ලැබී තිබෙන බවත්, අද දුරකථනවලින් කථා පටිගත කරනවා නම්, මේ රටේ දේශපාලනය ගැන කථා කරන්න, ප‍්‍රශ්න ගැන කථා කරන්නවත් නිදහසක් නැති නම්, රටේ තිබෙන නිදහස කුමක්දැයි ප‍්‍රශ්න කරන අතරම, අද ආණ්ඩුව යන්නේ ඒකාධිපති ගමනක් නිසා, එය ප‍්‍රතික්ෂේප කරනවා නම්, එළැඹෙන මහා මැතිවරණයේදී මේ තත්ත්වය වෙනස් කරන්නට එජාපය, එක්සත් ජාතික පෙරමුණ ප‍්‍රධාන ජනාධිපතිවරණයේදී පොදු අපේකෂකයා සමග සිටි පක්ෂ සමග එකතුවන ලෙස සමස්ත ජනතාවට ආයාචනා කරන බවත් කීවේය.

 

Add comment


Security code
Refresh