අලියා ලකුණ යටතේ එජාපය තරග කළ යුතු යැයි කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණය කළත් පවතින තත්ත්වයන් හමුවේ සෙසු පක්‍ෂ හා සාකච්ඡුා කර සුදුසු ක‍්‍රියා මාර්ගයක් ගැනීමට පක්ෂය තමන්ට බලය පවරා ඇති බව එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.ඒ අනුව මහ මැතිවරණයට තරග කළ යුතු ආකාරය
පිළිබඳව සෙසු පක්‍ෂ හා සාකච්ුා කර සුදුසුම තීරණය තමන් ලබන සතියේ දී ගන්නා බව ප‍්‍රකාශ කළ එජාප නායකයා එහිදී තමන් තරග කරන්නේ ‘අලියා’ යටතේ ද වෙනත් ලකුණක් යටතේ ද යන්න තීරණය කරන බවත් ප‍්‍රකාශ කර සිටියේය.අද කොළඹ විපක්‍ෂ නායක නිල නිවසේදී පක්‍ෂ ලේකම් තිස්ස අත්තනායක, නියෝජ්‍ය නායක කරු ජයසූරිය යන මහත්වරුන් සමග මාධ්‍ය හමුවට එක්වූ රනිල් වික‍්‍රමසිංහ මහතා සාකච්ඡව ආරම්භ කරමින් පැවසුවේ ‘සරත් ෆොන්සේකා හිර ගෙදර - කේ.පී. රජ ගෙදර’ බවයි.
සරත් ෆොන්සේකා මහතා බේරාගැනීමත්, ප‍්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා බේරාගැනීමත් අද කාරණා 2 ක් නොව එකක් බවට පත්වෙලා. ඒ දෙකම ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැුක ගැනීම සඳහා සිදු කළ යුතු දේවල්.
අප ජනරාල්වරයා නිදහස් කරන ලෙස උද්ඝෝෂණ 20 ක් පමණ රට පුරා සිදු කළා මේවා වාර්තා කරන්න එපා කියා ආණ්ඩුවෙන් මාධ්‍යවලට බලපෑම් කරනවා.
මා ජනාධිපතිගෙන් සරත් ෆොන්සේකා මහතා බලන්න ඕනෑ යැයි ඉල්ලූවාම ඔහු කියනවා මට හමුදාපතිට ලියන්නලූ. එවිට මා කිව්වා මා ඇවිත් ඉන්නේ ජනාධිපති ලඟට. ජනාධිපතිවරයාට පුළුවන් හමුදාපතිට හෝ නාවික හමුදාපතිට කියන්න කියා. සම්ප‍්‍රදායානුකුලව විපක්ෂ නායකයා ලෙස යම් ඉල්ලීමක් කළ පසු ජනාධිපතිවරයා එය ඉටු කර දීම සිදු කළ යුතුයි.
මහ මැතිවරණයට ඉදිරිපත්වීම ගැන අප සෙසු පක්‍ෂ හා කතා කර සුදුසු තීරණයක් ගන්නවා. අලියා ලකුණින් හෝ වෙනත් ලකුණකින් ඉදිරිපත් වෙනවාද යන්න අප ඉදිරියේදී තීරණය කරනවා. නමුත් දැනට ගෙන ඇති තීරණය අලියා ලකුණයි.
ෆොන්සේකා මහතා හා එක්නැලිගොඩ මහතා නිදහස් කරගන්න අප නීතිමය ක‍්‍රියා මාර්ගවලට අමතරව විවිධ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රම අනුගමනය කරන්න බලාපොරොත්තු වෙනවා යැයිද වික‍්‍රමසිංහ මහතා තවදුරටත් පැවසුවේය.




















