Home Category Blog ජෙනරාල්ගේ නිර්දෝෂී බව සනාථ කරන්න ඕනැම තැනක පෙනී සිටින්න සූදානම් - ජනතා විමුක්ති පෙරමුණ

ජෙනරාල්ගේ නිර්දෝෂී බව සනාථ කරන්න ඕනැම තැනක පෙනී සිටින්න සූදානම් - ජනතා විමුක්ති පෙරමුණ

E-mail Print PDF

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කරද්දී හෝ ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානියා ලෙස කටයුතු කරද්දී හෝ තමා සමඟ කිසි විටෙකත් කථා කර නැති බවත් එවැන්නක් තමා විසින් හෝ වෙනත් කිසිවකු විසින් හෝ ප‍්‍රකාශ කර නැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ෆොන්සේකා මහතා නීතියට පටහැනිව හා අසාධාරන ලෙස අත්අඩංගුවට ගත් ආණ්ඩුවේ මේ උත්සාහ කරනුයේ එක් අතකින් තමන් කළ වැරැුද්ද සාධාරණීයකරණය කර ගැනීමටත් අනෙක් අතින් ෆොන්සේකා මහතා වෙත මුදාහැර ඇති මර්දනය ජවිපෙ ඇතුළු විපක්‍ෂයේ නායකයන් වෙත ද මුදා හැරීමටත් බව පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් සිල්වා මහතා සඳහන් කරයි.

එම නිවේදනයේ මෙසේද දැක්වේ,

පසුගිය ජනාධිපතිවරණයේදී නිර්පාක්‍ෂික පොදු අපේක්‍ෂකයා ලෙස තරඟ කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අසාධාරණ හා අයුක්ති සහගත ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා ඇති ආණ්ඩුව දැන් ඒ පිළිබඳව ජනතාව නොමඟ යන සුළු ප‍්‍රකාශ ද කිරීමට පටන් ගෙන තිබේ. පසුගිය පෙබරවාරි 12 දා ඉංග‍්‍රීසි පුවත්පතක් වාර්තා කර තිබූ අන්දමට කැබිනට් ප‍්‍රකාශක අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කර තිබුණේ ජවිපෙ ප‍්‍රධාන ලේකම් ලෙස මා හට සරත් ෆොන්සේකා මහතාට එරෙහිව නඩු විභාගයේදී සාක්‍ෂි දීමට සිදුවන බවත් ඒ ෆොන්සේකා මහතා ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ලෙස කටයුතු කරද්දී මා සමඟ කතා කර ඇති නිසා බවත්ය. මීට සමාන අදහසක් තවත් පුද්ගලයන් විසින් ද පවසා තිබුණ ද කැබිනට් ප‍්‍රකාශක අනුර ප‍්‍රියදර්ශන මහතා මෙවැන්නක් ප‍්‍රකාශ කිරීම බරපතල ලෙස සැලකිය යුතුව ඇත.


ෆොන්සේකා මහතා ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානියා ලෙස කටයුතු කරන කාලයේ ඇමරිකා එක්සත් ජනපදයට ගිය අවස්ථාවේ එහි අභ්‍යන්තර ආරක්‍ෂක අමාත්‍යංශය ලංකාවේ කොටි ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයේදී සිදුවූ දේ විමසා එතුමාගෙන් ප‍්‍රශ්න කිරීමට සුදානම් විය. එයට අපේ රට තුළ විශාල ප‍්‍රසිද්ධියක් ද මාධ්‍ය මගින් ලබාදෙන ලදී. අප දකින ලෙසට එය සරත් ෆොන්සේකා මහතාගේ පෞද්ගලික ප‍්‍රශ්නයක් හෝ හමුදාවේ ප‍්‍රශ්නයක් නොව ශ‍්‍රී ලාංකික අප කාටත් බලපාන ප‍්‍රශ්නයක් විය.

විශේෂයෙන්ම බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කළ යුතුය යන මතයේ නොසැලී සිට ඒ වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළ පක්‍ෂයක් ලෙස හා අප රටට එල්ල වන විදෙස් මැදිහත්වීම් වලට එරෙහිව මව්බියේ ස්වෛරීභාවය වෙනුවෙන් කටයුතු කළ පක්‍ෂයක් ලෙස ඉහත සිදුවීම් හමුවේ නිහඬව සිටීමට අපට හැකියාවක් නොතිබුණි.


එසේ තිබියදී කිසියම් ප‍්‍රසිද්ධ රැුස්වීමක කියූ කථාවක කොටසක් තමන්ට අවශ්‍ය පරිදි උපුටා ගෙන ජනතාව නොමග යවන අන්දමේ ප‍්‍රකාශ කිරීම ආණ්ඩුවේ බංකොළොත් කම පෙන්වන්නක් ලෙස දකින අපි මෙවැනි ප‍්‍රකාශයන්ගෙන් නොමග නොයන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිමු. ෆොන්සේකා මහතාගේ නිර්දෝෂීභාවය සනාථ කිරිම වෙනුවෙන් පෙනී සිටීමට අපට සිදුවන්නේ නම් ඕනෑම ස්ථානයක ඒ වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් බවද අවධාරණය කරමු.

 

Add comment


Security code
Refresh