ජෙනරාල් ෆොන්සේකා ජනාධිපතිවරණයෙන් ජය ලැබුවේ නම් තමා සිටින්නේ බෝගම්බර සිර ගෙදර අඩි 2 ඃ 2 ක සිර මැදිරියක බවත්, ඔහුට නාවික හමුදාපතිවරයා භාවිතා කළ සුඛෝපභෝගී තට්ටු නිවසක් ලබාදී ඇති බවත් ශ‍්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ‘ද හින්දු’ පුවත්පතට ප‍්‍රකාශ කර තිබේ.එමෙන්ම ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානීව සිටියදී ජනරාල් ෆොන්සේකා රජය පෙරළීමට කුමන්ත‍්‍රණය
කරන බව රජයේ රහස් තොරතුරු කාර්යංශය තමාට දැන්වූවත්, යුද හමුදාවට ඔහු අත්අඩංගුවට ගැනීමට ඒ අවස්ථාවේදී තමා ඉඩ නොදුන්නේ ජනාධිපතිවරණයට ඔහු තරඟ කරයි යන බිය නිසා අත්අඩංගුවට ගත්තේ යැයි තමාට චෝදනා එල්ල විය හැකිව තිබූ නිසා බවද ජනාධිපතිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ධූරයෙන් ජෙනරාල්වරයා විශ‍්‍රාම ගැනීමට ඉල්ලූ මොහොතේ තම බලතල පාවිච්චි කර එයට ඉඩ නොදී රහස් තොරතුරු කාර්යංශය වාර්තා කර තිබූ දේට ඔහුට දඬුවම් දුන්නේ නම් එයත් ජනතාව වැරදියට තේරුම් ගත හැකිව තිබුණු බව ජනාධිපතිවරයා තවදුරටත් පවසා තිබේ.
එහිදී ජනාධිපතිවරයා පැවසූ අදහස් සැකෙවින් මෙසේය,
‘ඔහු තමා මට හිටපු හොඳම තරඟකාරයා. ඒ බව මැතිවරණයෙන් පැහැදිලි වුණා. රනිල් වික‍්‍රමසිංහ ගත්ත ප‍්‍රමාණයවත් ඔහුට ලැබුණෙ නැහැ. අවසානයේදී මොකද වුණේ.?’
‘හමුදාව පැමිණ කිව්වා ඔහු කළ දේට යම් පියවරක් ගත යුතුයි කියා. මා කිව්වා සාක්‍ෂි තිබේ නම් අත්අඩංගුවට ගන්න, ඊට පෙර නීතිපති ගෙන් උපදෙස් ගන්න කියා. මගේ සොහොයුරා ගෝඨාභය එපා කිව්වා. ඔහු වඩාත් පරික්‍ෂාකාරීව සාක්‍ෂි රැුස් කර යුද හමුදාවට අවසර දුන්නා. නැත්නම් ඔහුව අත්අඩංගුවට ගන්නේ මැතිවරණ ප‍්‍රතිඵල නිවේදනය කළ වහාමයි.’




















