Home Category Blog ප්‍රජාතන්ත්‍රවාදය වෙනුනේ එක්වීමට එජාපයට තවමත් කල් තිබෙනවා - විජිත හේරත්

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුනේ එක්වීමට එජාපයට තවමත් කල් තිබෙනවා - විජිත හේරත්

E-mail Print PDF

ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීම සඳහා පුළුල් පෙරමුණක් යටතේ තරග වැදීමට තවමත් එක්සත් ජාතික පක්ෂයට අවස්ථාව තිබෙන බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. සිරගත වී සිටිමින් වුවද සරත් ‍ෆොන්සේකා මහතා, අනෝමා ෆොන්සේකා මහත්මිය හරහා එක්සත් ජාතික පක්ෂයටත් ජනතා විමුක්ති පෙරමුණටත් අනෙක් පක්ෂවලටත් එක් පෙරමුණක් යටතේ තරග කරන ලෙස ඉල්ලීම් කළ බවද විජිත හේරත් මහතා පැවසීය. ඔහු මෙම අදහස් පළ කළේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පළමු මාධ්‍ය හමුව අමතමිනි. ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය. ''ප්‍රජාතන්ත්‍රවාදයත් යහපාලනයත් ගොඩනැගීමට විශාල දායකත්වයක් දුන්න සරත් ‍ෆොන්සේකා මැතිතුමා අද සිරගත කර තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කරලා තිබෙනවා.

ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය ගොඩනැගීම වෙනුවෙන් සියලු දෙනා එක්ව සටන් කළ යුතු අවස්ථාවක් උදා වී තිබෙන්නේ. මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය වෙනුවෙන් දැවැන්ත බලයක් ගොඩනගන්න, දැවැන්ත ශක්තියක් ගොඩනගන්න කටයුතු කළ යුතුයි. එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණෙන් තරග කිරීමට ගෙනතිබෙන තීරණය ඊට බාධා වී තිබෙනවා. නමුත් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතුව ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දෙනා වෙනුවෙන් එක් පෙරමුණක් ගොඩනැගීමට අප සමත්ව තිබෙනවා. ඒ අනුව අප ඉදිරි මහ මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය යටතේ කුසලානය ලකුණෙන් තරග කරනවා. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා කොළඹ දිස්ත්‍රික්කයට තරග කරනවා"

 

Comments  

 
0 #1 2010-02-23 23:27
papala haraka yanna..ratak watina manussayawa thopi thamai vinasa kale..thopi maha kaalakanni yako
Quote
 

Add comment


Security code
Refresh