කොළඹ දිස්ති‍්‍රක්කයේ මනාප ලයිස්තුවේ අංක 1 ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශට ලබාදීම සඳහා නාමල් රාජපක්‍ෂ හා බැසිල් රාජපක්‍ෂ මෙහෙයුමක් ආරම්භකර ඇතැයි අරලියගහ මන්දිර ආරංචි මාර්ග වලින් වාර්තා වේ. පසුගිය දිනවල දැන්වීම් ප‍්‍රවාරක ආයතනයක පිරිසක් යොදවමින් කරන ලද සමීක්‍ෂණයක් අනුව දුමින්ද සිල්වා සන්ධාන ලයිස්තුවේ අංක එක ස්ථානයට පත්වන බව හෙලිවීමත් සමග මෙම සැලැසුම සකස්කර තිබේ.විශේෂයෙන් දුමින්ද සන්ධාන ලයිස්තුවේ බැසිලට ද ඉහලින් මනාප ලබාගනු ඇතැයි ද ඒසේම සමස්ථ සන්ධාන ලයිස්තුවේම වැඩිම මනාප ගණන ද දුමින්ද සටහන් කරන බව එම සමීක්‍ෂණයෙන් හෙලිවී තිබේ. මේ හේතුවෙන් කොළඹ දිස්ති‍්‍රක්කයට තරගවදින සන්ධාන අපේක්‍ෂකයන් බොහෝ දෙනකුට ඔවුනගේ මනාපයට අමතරව විමල්ට මනාපයක් ලැබෙන පරිදි සිය ඡුන්ද දායකයන් දැණුවත් කරන්නැයි බැසිල් ඉල්ලා ඇතැයි පැවසේ.
කෙසේවුවද නාමල් දුමින්ද කොලඹ අංක දෙක කිරීමට පෙරමුණගෙන ඇත්තේ දුමින්දගේ පෙමිවතියක් නාමල් සමග හාදකම් පැවැත්වීම සම්බන්ධයෙන් දුමින්ද විසින් ඇයට තර්ජනය කිරීම හේතුවෙන් බවද වාර්තා වේ.
මෙම සමීක්‍ෂණය මගින් මෙවර ද විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පක්‍ෂදෙකෙහිම වැඩිම මනාප ලබාගත් අපේක්‍ෂකයා බවට පත්වන බවද කොළඹ දිස්ති‍්‍රක්කයට අදාලව කළ එම සමීක්‍ෂණයෙන් හෙළිවී ඇත.




















