Home Category Blog ජෙනරාල් මාතෘභූමිය මත නිකම් දණ ගහපු වීරයෙක් නොවෙයි -අනුර දිසානායක

ජෙනරාල් මාතෘභූමිය මත නිකම් දණ ගහපු වීරයෙක් නොවෙයි -අනුර දිසානායක

E-mail Print PDF

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මාතෘභූමිය මත නිකම් දණ ගහපු වීරයෙක් නොව මාතෘභූමියේ ජයග‍්‍රහණය වෙනුවෙන් ලේ හලපු වීරයෙක් බවත්, අද වීරයන් වෙලා තියෙන්නේ මාතෘභූමියේ නිකම් දණ ගහපු අය බවත් ජවිපෙ හිටපු පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.ඔහු මේ ප‍්‍රකාශය කරන්නේ ලක්බිම සතිඅන්ත පුවත්පත සමග කරන සම්මුඛ සාකච්ඡුාවකදීය.ජෙනරාල් ෆොන්සේකා මාතෘභූමිය වෙනුවෙන් කළ මෙහෙය ගැන දිසානායක මහතා සඳහන් කරන්නේ මෙසේයි.
‘‘අපේ රටේ බෙදුම්වාදී ත‍්‍රස්තවාදය පරාජයට පත්කිරීමට විශාල මෙහෙයුමක් කළේ ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමා මේ මාතෘභූමිය මත රුධිරය හලපු කෙනෙක්. නිකම් දණ ගහලා නෙවෙයි. මාතෘභූමියේ නිකම් දණ ගහපු අයයි වීරයන් වෙලා තියෙන්නේ. එතුමා මාතෘභූමිය මත නිකම් දණ ගහපු වීරයෙක් නෙවෙයි. මාතෘභූමියේ ජයග‍්‍රහණය වෙනුවෙන් ලේ හලපු වීරයෙක්.’’



දිසානායක මහතා මෙසේද කියයි.

‘‘අපේ රටේ බෙදුම්වාදී ත‍්‍රස්තවාදයට එරෙහි ඉතිහාසය ලියැවෙනවා නම් ශ්‍රේෂ්ඨම විරුවාණන් ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමායි. එතුමාට සහය දුන් බොහෝ හමුදා නිලධාරීන්, ජෙනරාල්වරුන්, කර්නල්වරුන්, මේජර් ජෙනරාල්වරුන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට අරන් වධ දෙමින් තිබෙනවා. එපමණක් නොව අද ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමා සුළංවත් නොඑන කාමරයක හිරකරලා තියෙනවා. සියලූ ජනෙල්වලට ලෑලි ගහලා, සීල් කරලා තිබෙන්නේ. කිසිදු වාත‍්‍රාශ‍්‍රයක් නැහැ.’’  



ප‍්‍රශ්නය :- ඔබ එසේ කීවාට ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර තිබුණේ ජෙනරාල්වරයාට පහසුකම් සහිත නිවසක් ලබාදී තිබෙන බවයි.

ඔව්! ජනාධිපතිවරයා කියා තිබුණා ඔහු ජීවත්වන්නේ මාලිගාවක කියලා. මම ජනාධිපතිවරයාට යෝජනා කරන්න කැමැතියි එහෙනම් එ් මාලිගා දෙක මාරු කරගෙන ජීවත්වෙන්න කියලා. ජනාධිපති තුමා ජීවත්වෙන මාලිගාව සරත් ෆොන්සේකා මැතිතුමාට දීලා එතුමා ජීවත්වන මාලිගාවේ ජනාධිපති තුමා එක දවසක් ජීවත් වෙලා බලන්න කියලා. සුළං පොදක් නැති කාමරයක මේ විදිහට හිරකර ගෙන ඉන්නේ කවුද? මාතෘභූමියට ජයග‍්‍රහණය ගෙනාපු ශ්‍රේෂ්ඨ නායකයා.

එතුමාට මෙහෙම සලකන්නේ ඇයි? ඔහු මේ රට මුදාගත් නිසාද? බෙදුම්වාදී ත‍්‍රස්තවාදය පරාජය කළ නිසාද? ¥ෂණයට, වංචාවට එරෙහිව දේශපාලන නායකත්වය ගැනීම හේතුකොට ගෙනද?

 

Add comment


Security code
Refresh