Home Category Blog ආනන්ද සංගරී ඉන්දීය මොඩලයේ බලය බෙදීමක් ඉල්ලයි

ආනන්ද සංගරී ඉන්දීය මොඩලයේ බලය බෙදීමක් ඉල්ලයි

E-mail Print PDF

alt

දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී.ආනන්ද සංගරී මහතා සිය මැතිවරණ ප්‍රකාශය නිකුත් කරමින් පවසා සිටින්නේ ශ්‍රී ලංකාවට සුදුසු වන්නේ ඉන්දියාව මෙන් වූ බලය විමධ්‍යගත කිරීමක් බවයි. ඒකීය ව්‍යවස්ථාවක් යටතේ දෙමළ ජනයාට ඔවුන්ගේ පෙදෙස්හි බලය විමධ්‍යගත වෙතියි විශ්වාස කළ නොහැකි බැවින් මෙලෙස ඉන්දියාවේ මෙන් බලය විමධ්‍යගත කිරීමක් අවශ්‍ය ඔහු මෙම ප්‍රකාශයේදී වැඩිදුරටත් දක්වා ඇත. සංගරී මහතා විසින් ඉදිරිපත් කර ඇති මැතිවරණ ප්‍රකාශයේ ‍‍දක්වා ඇති කරුණුවලින් කිහිපයකි මේ. උතුරු - නැගෙනහිර ඒකාබද්ධ කිරීමෙන් කාටවත් හානියක් නොවේ. ‍ වන්නියේ අවතැන්වූ දෙමළ හා මුස්ලිම් වැසියන් හා වැවිලි අංශයන්හි අය ඔවුන්ගේ ගම්බිම්හි යළි පදිංචි කැරවිය යුතුය. යුද්ධයෙන්පීඩාවටපත්වූවනටපූර්ණවන්දිගෙවියයුතුය. මානව අයිතිවාසිකම් කඩ කරන්නවුන්ට එරෙහි නීති සම්පාදනයට දෙවිපෙය පූර්ණ සහාය දෙයි.

වන්නියේ ඊළාම් බැංකුවල තැන්පත් කළ රන් අබරණ අයිතිකරුවනට දිය යුතුය. අධි ආරක්ෂිත කලාප ඉවත් කළ යුතුය. පුනරුත්ථාපන කඳවුරුවල සිටින දරුවන් (කොටි සංවිධානය බලයෙන් බඳවාගත්) ඔවුන්ගේ මවුපියන්ට බාර දිය යුතුය.

 

Add comment


Security code
Refresh