Home Category Blog පාලක සන්ධාන ලැයිස්තුවල ඉන්නේ දේශපාලනයට කැපවුණු පිරිසක් නොවේ- විපක්ෂ නායක

පාලක සන්ධාන ලැයිස්තුවල ඉන්නේ දේශපාලනයට කැපවුණු පිරිසක් නොවේ- විපක්ෂ නායක

E-mail Print PDF

පාලක සන්ධාන අපේක්ෂක ලැයිස්තුවේ සිටින්නේ ප‍්‍රශ්නවලට විසඳුම් සෙවිය නොහැකි දේශපාලනයට කැපවීමක් නැති පිරිසකැයි එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පුත්තලම දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්‍ෂ සම්මේලනය අමතමින් පැවසීය.පුත්තලම දිස්ත‍්‍රික් එජාප සංවිධානයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංගේ බණ්ඩාර මහතා සංවිධානය කොට තිබුණු මෙම දිසා සම්මේලනයේදී විපක්‍ෂ නායකවරයා මෙසේද කීය.
සන්ධාන අපේක්ෂකයන් වන නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් පේ‍්‍රමජයන්ත වැනි ඇමැතිවරුන් තමන්ට පැවරුණු වගකිම් ඉටු කර නැත. මන්ත‍්‍රී ධූරය දරමින්ම ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ නිරත වන්නට උත්සාහ දරන සනත් ජයසූරියට,ගීතා කුමාරසිංහට,මාලනී පොන්සේකාට, සුසන්තිකා ජයසිංහ වැනි අයට ජනතාව වෙනුවෙන් කැපවීමට හැකිද? ජනතා ප‍්‍රශ්න දෙස සානු කම්පිතව බලා ඒවාට පිළිතුරු සෙවිය හැකි දක්‍ෂ කණ්ඩායමක් රට හමුවේ තබා ඇත්තේ එජාපයයි.

මැතිවරණයෙන් පසුව අමාත්‍ය මණ්ඩලය 35 අඩු කරන බවට දෙන පොරොන්දුව මේ මාසයේ සිටම ඉටු කර පෙන්වන්නට ජනාධිපතිවරයාට හැකි නම් මේ මසයට පමණක් රුපියල් කෝටි 3 ක මුදලක් රටට ඉතිරිවෙයි. 112 ක ඇමැති මණ්ඩලයේ බර රටට තව දුරටත් දරා ගත් නොහැකිය. යුද්ධය වෙනුවෙන් පටි තදකරගත් ජනතාවට ඉහළ යන ජීවන වියදම හමුවේ ජීවත් විය නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතත් ආණ්ඩුව ඔවුන්ට පෙරළා කෙළෙහිගුණ දක්වා නැත. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ජනතාවට සහන සලසන බවට ජනාධිපතිවරයා කීවත් එයද අනෙක් පොරොන්දු මෙන්ම කඩවන්නක් බව සන්ධානයේ අපේක්‍ෂක ලැයිස්තුව දෙස බැලීමේදී පෙනී යයි.

එජාප ආණ්ඩුවක් යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ රැුසක මිල අඩු කොට වැටුප වැඩි කරන්නට සැලසුම් කොට ඇතැයි ජනතාවගේ මූලික ප‍්‍රශ්නය වන බඩ ගින්න හා විරැුකියාවට විසඳුම් දී ජනතාවට කෙළෙහි ගුණ දැක්විය හැක්කේ එජාප ආණ්ඩුවකට පමණකැයිද වික‍්‍රමසිංහ මහතා කීය.

එජාප මහ ලේකම් තිස්ස අත්තනායක, හිටපු මන්ත‍්‍රී රංගේ මණ්ඩාර සහ පුත්තලම දිස්ත‍්‍රික් එජාප අපේක්‍ෂිකා හා ලක්වනිතා දිස්ත‍්‍රික් ලේකම් ඉන්දරසරත්දෙණිය මහත්මියද සමුළුව ඇමතූහ.


 

Add comment


Security code
Refresh