Home Category Blog ජෙනරාල් සිර මැදිරියේ උපවාසයක් අරඹයි

ජෙනරාල් සිර මැදිරියේ උපවාසයක් අරඹයි

E-mail Print PDF

ආණ්ඩුව විසින් සිරගත කරනු ලැබ සිටින ජෙනරාල් සරත් ‍ෆොන්සේකා මහතා අද උදෑසන සිට සිර මැදිරිය තුළ උපවාසයක් ආරම්භ කර ඇත. අධිකරණය විසින් සහතික කරන ලද තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට විරෝධය පළ කිරීම සඳහා මෙම උපවාසය ආරම්භ කර තිබේ. සරත් ‍ෆොන්සේකා මහතා බැලීමට යන ඔහුගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මියට සිර මැදිරිය වෙත ජංගම දුරකතනය ගෙන යාමට අවසර ලබා දී තිබිණි. සරත් ෆොන්සේකා මහතා සිය දරුවන් සමග අදහස් හුවමාරු කර ගන්නේ එම ජංගම දුරකතනය භාවිත කරමිනි. එහෙත් ඊයේ සවස හදිසියේම එම අවසරය අවලංගු කර, සිය දරුවන්ගේ දුක සැප සොයා බැලීමට ජෙනරාල්වරයා ඇති අයිතිය අහිමි කර තිබේ. ඊට විරෝධය පළ කරමින් ෆොන්සේකා මහතා අද උදෑසන සිට උපවාසයක් ආරම්භ කරනු ලැබීය.

 

Add comment


Security code
Refresh