විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් හා දුරකථනයෙන් කථා කර දේශපාලන කුමන්ත‍්‍රණ සිදු කළා යැයි ජෙනරාල් ෆොන්සේකා මහතාට ආණ්ඩුව චෝදනා කළත් ඔහු ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානියාව සිටියදී අම්බලන්ගොඩ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සංවිධායකයා වී මහ මැතිවරණයට තරඟ කරන්නැයි මුලින්ම ඉල්ලා සිටියේ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි අනුර කුමාර දිසානායක මහතා ප‍්‍රකාශ කළේය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ මාධ්‍ය හමුවකදී ඒ බව හෙළිදරව් කළ දිසානයක මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ජනාධිපති ලේකම්වරයා ආණ්ඩුව වෙනුවෙන් මෙවැනි ආරාධනාවක් ජෙනරාල්වරයාගේ නිල නිවසටම පැමිණ කළත් දේශපාලන කුමන්ත‍්‍රණ පිළිබඳව ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමක් කර නැති බවයි.
මාධ්‍ය හමුවේදී දිසානායක මහතා මෙසේද පැවැසීය.
‘ලක්‍ෂ්මන් සෙනවිරත්න මන්ත‍්‍රීවරයාට ජෙනරාල්වරයා දුරකථන ඇමැතුමක් දුන්න කියනවා. ඉතිං අප අහන්නේ මේ රටේ ඕනෑම හමුදාපතිවරයකුට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට කථා කරන්න අයිතියක් නැද්ද කියල. එහෙම නම් සැබෑ කුමන්ත‍්‍රණය කළේ කවුද? සෘජුවම දේශපාලන යෝජනා ජෙනරාල්වරයාට ඉදිරිපත් කළේ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතායි. ඔහු තමයි ජෙනරාල්වරයාට අම්බලන්ගොඩ ශ‍්‍රී ලනිප සංවිධායක වී මහ මැතිවරණයට තරඟ කර රජයේ ඇමැති ධූරයක් බාර ගන්න කිව්වේ. ඒක තමයි සැබෑම දේශපාලන කුමන්ත‍්‍රණය.
ජෙනරාල්වරයා ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානියා ලෙස ඉන්නකොට චම්පික රණවක හා එල්ලාවල මේධානන්ද, උඩුවේ ධම්මාලෝක යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඔහු හා සාකච්ඡුා කළා. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට හමුදාපති කෙනකුගෙන් කරුණු විමසන්න, කථා කරන්න අයිතියක් තිබෙනවා. හදිසි නීති විවාද වලදී හමුදා නිලධාරීන් පාර්ලිමේන්තුවේ දී මන්ත‍්‍රීවරුන් මුණ ගැහෙනවා. ෆොන්සේකා මහතාට දේශපාලන කුමන්ත‍්‍රණ කළා කියා චෝදනා කරන්නේ ලක්‍ෂ්මන් සෙනවිරත්න, ජොන්ස්ටන් වැනි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හා කථා කළ බව කියායි. මේවා අරුම පුදුම කථාවල්.
ඒ නිසා මෙයින් පෙනෙන්නේ ජෙනරාල්වරයාට විරුද්ධව ඉදිරිපත් කරන්න ප‍්‍රබල චෝදනාවක් ආණ්ඩුවට නැති බවයි.
සැබැවින්ම පසුගිය ජනාධිපතිවරණයේදී දේශපාලන වේදිකාවල හිටිය හමුදා නිලධාරිය කවුද? නාවික හමුදා නිලධාරියෙක් වන ජනාධිපතිවරයාගේ දෙවැනි පුතා යෝෂිත රාජපක්‍ෂයි. හමුදා නිලධාරීන්ට දේශපාලනය තහනම් නම් පරීක්‍ෂණ පටන් ගත යුත්තේ එතැනිනුයි. මේවා පුවත්පත්වල ඡුායාරූප සහිතව පළ වුණා.
සිවිල් ආරක්‍ෂක බලකායේ ප‍්‍රධානියාව සිටි සරත් වීරසේකර අම්පාර දිස්ත‍්‍රික්කයෙන් තරග වදින බව අවුරුද්දකට පෙර සැවොම දැනගෙන සිටියා. ඔහු නිල ඇඳුමේ සිටියදීම සිවිල් ආරක්‍ෂක බලකායේ නිලධාරීන් හමුවෙලා ප‍්‍රසිද්ධියේ කිව්ව දේශපාලනයට එනවා කියල. ඔහු අම්පාරේ නතර වෙලා නිල ඇඳුමෙන් සිටියදීම නොයෙක් රැුස්වීම් සංවිධානය කළා. ඒවා දේශපාලනය නොවෙයිද?
මෙය පැහැදිලිවම දේශපාලන පළිගැනීමක් ලෙස පෙනෙන්නේ නැත්ද? එය කිසිසේත්ම සිවිල් හෝ යුද අධිකරණයකට ගෙන යා හැකි කාරණා නොවෙයි.




















