ජනාධිපතිවරණ ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් මුදල් ලැබුණ ආකාරය හා එ්වා වියදම් කළ ආකාරය ගැන එජාප මහලේකම් තිස්ස අත්තනායක මහතාගෙන් පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කොට ප‍්‍රකාශයක් සටහන් කොට ගෙන තිබේ.තමා ජනාධිපතිවරණයේදී දේශපාලන ව්‍යාපාරයට හා ගම් මට්ටමින් පක්‍ෂ සංවිධාන දැනුවත් කරමින් ප‍්‍රචාරක කටයුතුවල යෙදුණ බවත් මුදල් ගනුදෙනුවලට තමාගේ
කිසිම සම්බන්ධතාවක් නොතිබුණ බවත් එසේම ජනාධිපතිවරණයේදී එජාපයට අරමුදල් නොලැබුණ බවත් අත්තනායක මහතා අපරාධ විමර්ශන අංශයට පවසා ඇත.මෙම ප‍්‍රශ්න කිරීම ගැන ‘කළ විමසීමේදී අත්තනායක මහතා කීවේ පසුගිය බ‍්‍රහස්පතින්දා (11* රහස් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ජනාධිපතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා මුදල් ලැබීම හා එ්වා වියදම් කිරීම ගැන ප‍්‍රශ්න කිරීමක් කළ බවත්, එජාපයට ජනාධිපතිවරණ අරමුදලකට යැයි මුදල් නොලැබුණ අතර එසේ ලැබී ඇත්නම් එ්වා ගිණුම්ගතව තිබෙන බවත් ගිණුම්ගතව ඇත්නම් අදාල ලිපි ලේඛන පරීක්‍ෂා කළ හැකි යැයි තමා රහස් පොලිසියට පැවැසූ බවත්ය.
ජනාධිපතිවරණ අරමුදල ගැන තමාට කිසිම සම්බන්ධයක් නොතිබූ බව තමා රහස් පොලිසියට ප‍්‍රකාශ කළ බවද ඔහු කීය.
ශ‍්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ කිසිම කලෙක දේශපාලන පක්‍ෂවලට මැතිවරණ අරමුදල සඳහා මුදල් ලැබීම හා එ්වා වියදම් කිරීම ගැන රහස් පොලිසිය හෝ වෙනත් පරීක්‍ෂණ කණ්ඩායමක් හෝ විමර්ශනයක් කර නැත. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථමවරට විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයකුගේ ප‍්‍රචාරක වැඩවලට ලැබුණ ආධාර උපකාර ගැන රහස් පොලිසිය යොදවා පරීක්‍ෂණයක් පවත්වන ප‍්‍රථම අවස්ථාව මෙය වේ.




















