Home Category Blog අය වැය පියවීමට රජය ඩො.මිලියන 100 ක ණයක් ගැනීමට යයි

අය වැය පියවීමට රජය ඩො.මිලියන 100 ක ණයක් ගැනීමට යයි

E-mail Print PDF

මේ වසරේ මුල් සිව් මස තුළ අය වැය හිගය පියවීම සදහා ඩොලර් මිලියන 100 ක කෙටි කාලීන ණය මුදලක් ලබා ගැනීමට රජය තීරණය කර තිබේ. ඒ ශ්‍රි ලංකා සංවර්ධන බැදුම්කර අලෙවි කිරිමෙන්ය. රජය පසුගිය වසරේ ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමට අනුව මේ වසරේ මුල් මාස 4 ක කාලය සදහා ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 503 ක් වේ. එම අතුරු සම්මත ගිණුමට අදාළ වියදම් මූල්‍යකරණය සදහා රජය වෙනුවෙන් මේ මාසයේදි ඩොලර් මිලියන 100 ක ණය මුදලක් ලබා ගැනීමට මේ වනවිට මහ බැංකුව පියවර ගෙන තිබේ.

ශ්‍රි ලංකා සංවර්ධන බැදුම්කර අලෙවියෙන් ලබා ගන්නා එම ණය මුදලින් කොටසක් වසර 2 කින් පසුව ගෙවිය යුතුවන අතර ඉතිරිය වසර 3 කින් ගෙවිය යුතුය. මේ අතර රජය පසුගියදා නිකුත් කළ පූර්ව මැතිවරණ අය වැය තත්ත්ව වාර්තාවෙන් හෙළි කර ඇත්තේ පසුගිය වසරේ දි ණය පොලී වියදම රජයේ සමස්ථ ආදායමට වඩා වැඩි වූ බවය.

රජයේ ණය තොරතුරු වලට අනුව පසුගිය වසර 6 ක කාලය තුළ දී දෙස් විදෙස් මූලාශ්‍ර වලින් ලබා ගත් සමස්ථ ණය ප්‍රමාණය ආසන්න වශයෙන් දෙගුණ වී තිබේ. එම කාලය තුළදී ණය පොලී වියදමෙහි ඉහළ යාම 157% ක් වේ. මුදල් අමාත්‍යාංශයට අනුව 2012 දී ඉහළම ණය පොලි වාරිකය හෙවත් ණය සේවාකරන ගාස්තුව දැරීමට රජයට සිදුවේ. එය ඩොලර් මිලියන 1,539 ක් වේ.

 

Add comment


Security code
Refresh