ජංගම දුරකතන සඳහා රජය විසින් දැනට අය කරන සියළුම අමතර බදු සම්පූර්ණයෙන් අහෝසි කිරීමේ යෝජනාවක් එක්සත් ජාතික පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කෙරේ. ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන භාවිතා කරන සංඛ්‍යාව එක්කෝටි තිස් ලක්‍ෂය ඉක්මවයි. ඒ සියලූම දුරකතන දායකයින්ගෙන් පරිසර බද්ද (එම්.බී.ටී) සියයට 2ක්, ජාතිය ගොඩනැගිමේ බද්ද (එම්.බී.ටී) සියයට 3 ක් සහ ජංගම දුරකතන ග්‍රාහකත්වය බද්ද (එම්.එස්.එල්) සියයට 11.72 වශයෙන් අය කරනු ලබයි. ඊට අමතරව ජංගම දුරකතන සඳහා අය කරන එකතු කළ අගය මත (වැට්) බද්ද සියයට 14.7 කි. වත්මන් ආණ්ඩුව විසින් ජංගම දුරකතන සඳහා අය කරන අමතර බදු එක්සත් ජාතික පෙරමුණු රජයක් යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට පියවර ගන්නා බව එක්සත් ජාතික පෙරමුණු ආරංචි මාර්ග සඳහන් කරයි.




















