Home Category Blog ජොනීලා තාමත් ඇමතිලා -ජීඑල්ගෙන් කෙස්පැලෙන නීති තර්ක

ජොනීලා තාමත් ඇමතිලා -ජීඑල්ගෙන් කෙස්පැලෙන නීති තර්ක

E-mail Print PDF

ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සහ ඉන්දික බණ්ඩාරනායක යන මහත්වරුන් ගේ අමාත්‍ය ධූර හෝ මන්ත‍්‍රී ධූර හෝ අහෝසි වී නොමැතියි යන්න රජයේ ස්ථාවරය බව රජයේ මාධ්‍ය ප‍්‍රකාශක අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ  රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැබිනට් තීරණ දැනුම් දීම සඳහා පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී පැවසීය.ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබුණද අපේ‍්‍රල් 08 වනදා මහා මැතිවරණය පවත්වනතුරු එම තනතුරු අහෝසි නොවන බවත් පීරිස් මහතා පෙන්වා දුන්නේය.

ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 48 වැනි වගන්තියේ 1 වන උපවගන්තිය අනුව පාර්ලිමේන්තුව නැවත කැඳවපු අවස්ථාවක විධායක තනතුරු හෝ මන්ත‍්‍රී ධූර හෝ අහෝසි නොවන බව නීතිපති මොහාන් පීරිස් මහතා මෙම ප‍්‍රශ්නය මතු වූ අවස්ථාවේ පෙන්වා දී ඇතැයි පීරිස් මහතා පැවසීය.



පාර්ලිමේන්තුව විසුරුවා හැරියද හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීම වැනි විශේෂ අවස්ථාවන් සඳහා පමණක් ජනාධිපතිවරයාට නැවත පාර්ලිමේන්තුව කැඳවිය හැකි යැයි කී පීරිස් මහතා පාර්ලිමේන්තුව නැවත කැඳවූ විට එහි තිබූ සංයුතියේ කිසිදු වෙනසක් නොවන බවත් අවධාරණය කළේය.

එජාප රජයේ සිටි ගාමිණී දිසානායක සහ ලලිත් ඇතුලත්මුදලි යන මහත්වරුන් ගේ මන්ත‍්‍රී ධූර සම්බන්ධයෙන් මෙවැනි ප‍්‍රශ්නයක් මතු වූ බවත් පෙන්වා දුන් පීරිස් මහතා එ් අවස්ථාවේ මාර්ක් ප‍්‍රනාන්දු විනිසුරු තුමා එදා දුන් තීන්දුවත් මෑත කාලයේ එවැනි කරුණු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් දුන් තීන්දු අතර වෙනස්කම් ඇති හෙයින් අද අවශ්‍ය වන්නේ මේ සියල්ල සලකා බලා අදට ගැලපෙන අර්ථකතනයක් ලබාගැනීම බවද පැවසීය. 

 

Add comment


Security code
Refresh