Home Category Blog නීතිපතිට බලයක්නෑ: එජාප නව මන්ත‍්‍රීවරුන්ට දිව්රුම් දීමට සලස්වන්න -විපක්‍ෂ නායක කථානායකට දන්වයි

නීතිපතිට බලයක්නෑ: එජාප නව මන්ත‍්‍රීවරුන්ට දිව්රුම් දීමට සලස්වන්න -විපක්‍ෂ නායක කථානායකට දන්වයි

E-mail Print PDF

ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සහ ඉන්දික බණ්ඩාරනායක මහත්වරුන්ට මන්ත‍්‍රීධූර අහිමිවීමෙන් ඇතිවූ පුරප්පාඩු වෙනුවෙන් ලබන ලබන අපේ‍්‍රල් 06 වන දින පාර්ලිමේන්තුව රැස්වන විටදී එජාපයේ අනුර ගොපල්ලව සහ ඞී.ඇම්. බණ්ඩාරනායක මහත්වරුන්ට මන්ත‍්‍රීවරුන් ලෙස දිව්රුම් දීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නැයි විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කථානායක වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතාගෙන් ඊයේ ඉල්ලීමක් කොට ඇත.ජනාධිපතිවරයාට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 44(1)(බී)වගන්තියට අනුව ඇමැතිවරුන් පත්කළ හැක්කේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතුරෙන් පමණක් බැවින් මන්ත‍්‍රීධූර අහෝසි වූ ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සහ ඉන්දික බණ්ඩාරනායක මහත්වරුන්ට තවදුරටත් අමාත්‍යධූර දැරීමට හැකියාවක් නොමැති බවද වික‍්‍රමසිංහ මහතා කථානායකවරයාට පෙන්වා දී තිබේ.


මෙම කරුණ සම්බන්ධයෙන් නීතිපතිවරයා විමසීමට ප‍්‍රතිපාදන හෝ අවශ්‍යතාවක් නොමැත්තේ එය පාර්ලිමේන්තු වරප‍්‍රසාදවලට අදාළ කරුණක් නිසා යයිද නීතිපති වරයාගේ රාජකාරී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 82 වගන්තියේ (1)හා (2) පරිච්ෙඡ්දවලට අදාළව සිදුවිය හැකි උල්ලංඝනයන් පිළිබඳව 77 වන වගන්තියේ අවකාශයට පමණක් සීමා වන්නේ යයිද විපක්‍ෂ නායකවරයා පෙන්වා දෙයි.

වික‍්‍රමසිංහ මහතා මෙම කරුණු දැක්වීම සිදුකර ඇත්තේ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ඉකුත් දිනක අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දෙන ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු හා ඉන්දික බණ්ඩාරණායක තවදුරටත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හා ඇමැතිවරුන් වන බවට නීතිපතිවරයා තීරණය කොට ඇතැයි කළ ප‍්‍රකාශයට පිළිතුරක් ලෙසිනි.  


ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට බාධා පැමිණවීමට නීතිපතිට කිසිම බලයක් නැතැයිද වික‍්‍රමසිංහ මහතා පවසයි.

 

Add comment


Security code
Refresh