එක්සත් ජාතික පක්‍ෂය තුළ සිදුකරන්නට යන බව කියන ප‍්‍රතිසංස්කරණ ගැන තීරණාත්මක සාකච්ඡුාවක් එජාප නායක රනිල් වික‍්‍රමසිංහ සහ සජිත් පේ‍්‍රමදාස මහත්වරුන් අතර හෙට පැවැත්වීමට නියමිතය.සජිත් පේ‍්‍රමදාස මහතා හෙට එජාප නායකයා හමුවන්නට යන්නේ ඔහුගෙන් කෙරුණ ආරාධනාවකට අනුවය.සජිත් සමඟ මෙම සාකච්ඡුාවට ජෝන් අමරතුංග සහ කබීර් හෂීම් මන්ත‍්‍රීවරුන් ද සහභාගිවීමට නියමිතය.
එජාපය සිදුකරන්නට යන ප‍්‍රතිසංස්කරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතාට, රුක්මන් සේනානායක මහතා අතහැර ගිය උපනායක තනතුර දෙන්නට පක්‍ෂ නායකත්වය යෝජනා කරන්නට යන බව වාර්තාවේ. පේ‍්‍රමදාස මහතා එම තනතුර බාර ගැනීම ප‍්‍රතික්‍ෂේප කරනු ඇතැයි ඔහුට සමීප ආරංචි මාර්ග කියයි. පක්‍ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා දරණ තනතුර හා සමානව ඔහු නියෝජ්‍ය නායක පදවියක් අපේක්‍ෂා කරන බවද එය ලැබිය යුත්තේ තනතුරක් ලෙස නොව පූර්ණ බලයක් සහිතව බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.




















