එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මධ්‍යම පළාත් සභාවේ විපක්‍ෂ නායක ධුරයට කේ.කේ. පියදාස මහතා පත් කරනු ලැබීම නොපිළි ගැනීමට මධ්‍යම පළාත් සභාවේ එජාපයේ මන්ත‍්‍රී කණ්ඩායම එ්කමතිකව ඊයේ තීරණය කොට ඇත.ඊයේ මහනුවරදී රැස්වූ එජාප මන්ත‍්‍රී කණ්ඩායම මෙම තීරණය ගනිමින් එජාප නායකයා කර තිබෙන්නේ තමන්ට අවශ්‍ය කෙනකු විපක්‍ෂ නායක ධුරයට පත්කර ගැනීමට ඇති
ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය නැති කිරීමක් බැවින් මෙම තීරණයට විරෝධය පළ කොට තිබේ.විපක්‍ෂ නායකයා තෝරා පත්කර ගැනීමේ අයිතිය පළාත් සභාවේ එජාප මන්ත‍්‍රී කණ්ඩායමට ලබා දෙන ලෙස පක්‍ෂ නායකත්වයෙන් හා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලා සිටීමට යෝජනාවක් සම්මත කර ගත් බවත් එම යෝජනාව අද පක්‍ෂ නායකයාට හා කෘත්‍යාධිකාරී මණ්ඩලයට යොමු කරන බවත් එජාප පළාත් සභා මන්ත‍්‍රී සංජීව කවිරත්න මහතා ‘ලංකා ඊ නිව්ස්’ වෙත පැවැසීය.
මධ්‍යම පළාත් සභාවේ විපක්‍ෂ නායක ධුරය පුරප්පාඩු වූයේ එම තනතුර දැරූ වසන්ත අලූවිහාරේ මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස තේරීපත්වීම නිසාය.
විපක්‍ෂ නායක තනතුර ඉල්ලා පක්‍ෂ නායකත්වයට ලිපි ඉදිරිපත් කළ අයවත් නොකැඳවා පක්‍ෂ නායකත්වයේ තනි තීරණයට මෙම පත්වීම කර තිබීම පක්‍ෂයේ අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පහරක් බව එජාප මන්ත‍්‍රී කණ්ඩායම පවසති.




















