පක්‍ෂයේ සියලූම නිලතලවලට පුද්ගලයින් පත්කර ගත යුත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව ඡුන්දයෙන් පමණක් බව එජාප නියෝජ්‍ය ලේකම් හම්බන්තොට දිස්ත‍්‍රික් එජාප මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට යෝජනා කොට තිබේ.ඔහු මේ යෝජනාව කර තිබෙන්නේ එජාපය ඉදිරියේදී සිදුකරන්නට අපේක්‍ෂිත ප‍්‍රතිසංස්කරණ ගැන වික‍්‍රමසිංහ මහතා
සමඟ අද පැවැති හමුවේදීය. සජිත් පේ‍්‍රමදාස මහතා මේ හමුවට ගියේ වික‍්‍රමසිංහ මහතාගෙන් කෙරුණ ආරාධනයකට අනුවය.සජිත් පේ‍්‍රමදාස මහතා පැහැදිලි ලෙසම එජාප නායකයාට පවසා තිබෙන්නේ පක්‍ෂයේ තනතුරුවලට පුද්ගලයින් තෝරා ගැනීම ‘සිලෙක්ෂන්’ නොව ‘ඉලෙක්ෂන්’ මගින් සිදුවිය යුතු බවයි.
පක්‍ෂයේ සියලූ දේශපාලන කටයුතු විනිවිදභාවයකින් යුතුව සිදුවිය යුතු බවත්, දක්‍ෂතාවය හා හැකියාව මත නතතුරු ලබාදිය යුතු බවත් පුංචි මිනිසාගේ දහඬිය සුවඳ හඳුනාගෙන පක්‍ෂයේ ප‍්‍රතිපත්ති හා දර්ශනය නිර්මාණය කළ යුතු බවත් සජිත් පේ‍්‍රමදාස මහතා එජාප නායකයාට යෝජනා කොට තිබේ




















