Home Category Blog කෘත්‍යාධිකාරී මණ්ඩලය රැුස්කරන්න මහලේකම් හොයාගන්න නෑ: විසඳුමකට පෙර රනිලූත් රට යයි

කෘත්‍යාධිකාරී මණ්ඩලය රැුස්කරන්න මහලේකම් හොයාගන්න නෑ: විසඳුමකට පෙර රනිලූත් රට යයි

E-mail Print PDF

එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවීමට පක්‍ෂයේ මහලේකම්වරයා හොයා ගන්නට නැහැති එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කොට තිබේ.ඔහු එසේ ප‍්‍රකාශ කර තිබෙන්නේ ඊයේ සජිත් පේ‍්‍රමදාස මහතා සමඟ පැවැති හමුවේදී පක්‍ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඉක්මනින් කැඳවන්නැයි වික‍්‍රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමිනි.
සුනාමි ඛේදවාචකය සිදුවූ අවස්ථාවේ රටින් බැහැරව සිටි එවක ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ‘ෆැක්ස්’ පණිවිඩයක් යැවූ අනුර බණ්ඩාරනායක මහතා ‘ලංකාවේ විශාල ප‍්‍රශ්නයක් වෙලා ඉක්මනට එන්නැයි’ ඉල්ලීමක් කළාසේ ඉන්න තැනකින් එන්නැයි මහලේකම් තිස්ස අත්තනායක මහතාටත් ‘ෆැක්ස්’ පණිවිඩයක් යැව්වා නම් හොඳ නැද්දැයි සජිත් පේ‍්‍රමදාස මහතා වික‍්‍රමසිංහ මහතාට පිළිතුරු වශයෙන් කී බව වාර්තාවේ.


එජාප නායකත්වයේ වෙනසක් සමඟ පූර්ණ ප‍්‍රතිසංවිධානයකට යායුතු බවට දීර්ඝ වශයෙන් සාකච්ඡුා වෙමින් තිබියදී එයට විසඳුමක් ලබාදීමට පෙර වික‍්‍රමසිංහ මහතා ලබන සතියේදී විදේශ ගතවන බව වාර්තාවේ.

මේ අතර, පක්‍ෂයේ ප‍්‍රධාන තනතුරු සඳහා සුදුස්සන් ඡුන්දයෙන් තෝරා පත් කර ගන්නා ලෙසට සජිත් පේ‍්‍රමදාස මහතා කළ යෝජනාව සම්බන්ධව වැඩපිළිවෙලක් සකස් කරන ලෙසට රනිල් වික‍්‍රමසිංහ මහතා කබීර් හෂීම් මහතාට බාරදීම ගැන දැනගත් එජාපයේ ප‍්‍රබලයන් කීප දෙනකු ඊයේ රාත‍්‍රී කබීර් හෂිම් මහතා හමුවී සංශෝධන, ප‍්‍රතිශෝධන, තනතුරු බාරදීම, ඒවා සියල්ලට පෙර නායකත්වය වෙනස් විය යුතු බවත්, දැන් වික‍්‍රමසිංහ මහතා නායකත්වයෙන් යායුතු අවස්ථාව පැමිණ තිබෙන බවත් එයින් මෙපිට කිසිවක් නොකරන ලෙස දැඩි ස්වරයකින් ප‍්‍රකාශ කළ බවත් වාර්තාවේ.

මැයි මාසයේ දෙවන සතියේදී පමණ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැුස් කිරීමට යන බවක් ද දැනගන්නට ඇත.

 

Comments  

 
0 #1 2010-05-06 06:28
Please keep Runil in his position. It is too late to make changes as the election is well gone. It is good for the Government to have Runil as leader of the oposition. He was loved by LTTE before and now by the gover.nment. He is a loverble person all around. Please save Runil. We love Runil and the president Rajapakshe.
Quote
 

Add comment


Security code
Refresh