ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශවය එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගැනීමට නම් පක්ෂය තුළ වැඩ කිරීමට තනතුරු නොව බලතල ලැබිය යුතු යැයි මංගල සමරවීර මහතා එජාප නායකත්වයට නොනිල මට්ටමෙන් දැනුම්දී ඇත. එජාප ශාඛා ගම්මට්ටමේ සිට සංවිධානය කොට ශක්තිමත් කළ යුතු බව රනිල් වික‍්‍රමසිංහ
මහතාට යෝජනා කර ඇති සමරවීර මහතා එම කටයුත්ත කිරීමට පක්ෂ නායකත්වයේ හා පක්ෂයේ ලේකම්වරුන්ගේ සහාය තමාට ලැබෙනවා නම් මාස 18 ක් තුළදී ඒ වගකීම ඉටුකරන බව පවසා තිබේ.මේ අතර, උපුලාංගනී මාලගමුව, නිලූකා ඒකනායක අනුරාධපුරයේ අනුරුද්ධිකා දිසානායක මහත්මීනට සහ තිස්ස කුට්ටිආරච්චි මහතාට එජාප ආසන සංවිධායක තනතුරු ලැබිය යුතු බවද සමරවීර මහතා වික‍්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත.
ශ‍්‍රීලනිප ‘ම’ පාර්ශවය එජාපයට එකතුවී දේශපාලනය කිරීමට මේ වන විට නොනිල වශයෙන් තීරණය කොට ඇති අතර, අද යුරෝපයේ සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යන සමරවීර මහතා ආපසු පැමිණීමෙන් පසු පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභාවක් කැඳවා නිල වශයෙන් මෙම තීරණය ගැනීමට යයි.
සමරවීර මහතාගේ ඉල්ලීම්වලට වික‍්‍රමසිංහ මහතාගේ අකමැත්තක් නැති බවයි.
ශ‍්‍රීලනිප ‘ම’ පිළ එජාපයට එකතුවීමෙන් පසු, එම පක්ෂයට දෙන්නට පොරොන්දු වූ ජාතික ලැයිස්තුවේ මන්ත‍්‍රී පදවිය, එජාපයෙන් හිස්වන පළමු මන්ත‍්‍රීධුරය ලබා දෙන බවට එජාප නායකත්වයේ කැමැත්ත පළවී තිබෙන බවක් ද වාර්තාවේ.




















