එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ එකඟතාවයක් හෝ යෝජනාවක් හෝ නොමැතිව රනිල් වික‍්‍රමසිංහ මහතා විපක්‍ෂ නායකයා ලෙස පත් කර ගනු ලැබුවේ කෙසේදැයි එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී පිරිසක් ප‍්‍රශ්න කරති.පසුගිය අපේ‍්‍රල් 21 වනදා වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පළමුවරට එජාප පාර්ලිමේන්තු කණ්ඩායම රැුස්වූ අතර, එම රැුස්වීමේදී විපක්‍ෂ නායක ලෙස වික‍්‍රමසිංහ මහතා
පත්කර ගැනීම පිළිබඳව කිසිදු සාකච්ඡුාවක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් නොවූ බව එම රැුස්වීමට සහභාගී වූ මන්ත‍්‍රීවරු කීපදෙනෙක්ම ‘ලංකා ඊ නිව්ස්’ වෙත පැවැසූහ.ඔවුන් පැවැසුවේ පසුගිය 21 වනදා පැවැති එජාප පාර්ලිමේන්තු කණ්ඩායමට සහභාගී වූ මන්ත‍්‍රීවරුන්ට අත්සන් කිරීමට ලේඛනයක් තිබූ බවත්, පැමිණි සියලූ මන්ත‍්‍රීවරුන් එහි අත්සන් තැබූ බවත්ය. එම නාම ලේඛනය යොදාගනිමින් කූට ලේඛන සකස් කිරීමක් සිදුව ඇති බවට තමන්ට තොරතුරු ලැබී තිබෙන බවත් අද සවස පැවැත්වෙන පාර්ලිමේන්තු කණ්ඩායම් රැුස්වීමේදී මේ පිළිබඳව කරුණු විමසීමට මන්ත‍්‍රීවරුන් කීපදෙනකු සූදානමින් සිටින බවත් වාර්තාවේ.
වික‍්‍රමසිංහ මහතා විපක්‍ෂනායක ධූරයට පත් කිරීම සම්බන්ධයෙන් කිසිම ලිපි ලේඛනයකට කණ්ඩායම් රැුස්වීම පැවැති දින තමන් අත්සන් නොකළ බවද ඒ මන්ත‍්‍රී පිරිස වැඩිදුරටත් සඳහන් කළහ.
පසුගිය 22 වනදා පළමුවරට නව පාර්ලිමේන්තුව රැුස්වී කථානායකවරයා තෝරාගත් අවස්ථාවේ නව කථානායක ලෙස පත්වූ චමල් රාජපක්‍ෂ මහතා, රනිල් වික‍්‍රමසිංහ මහතා විපක්‍ෂ නායකයා ලෙස පිළිගන්නා බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.





















Comments
Danvath ithin gedatta wela hitapan. Oya madai kola, Ponn singhalata ooka koranna beane.
RSS feed for comments to this post.