Home Category Blog පක්ෂ නායකත්වය ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී මණ්ඩලයකට ලබාදීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අවධානය

පක්ෂ නායකත්වය ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී මණ්ඩලයකට ලබාදීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අවධානය

E-mail Print PDF

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වූ අවස්ථාවේදී පක්ෂ නායකත්වය ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී මණ්ඩලයට පැවරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව සිරිකොත අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. පක්ෂ නායකත්වය ඒකමතික තීරණ ගන්නා බවත්, එය පක්ෂයේ ඉදිරි ගමනට බලවත් බාධාවක් වී ඇති බවත් සාකච්ඡා කර ඇති කෘත්‍යාධිකාරී මණ්ඩලය පක්ෂ නායකත්වය කෙරෙහි දැඩි දෝශදර්ශනයට ලක් කර ඇත. මෙයට අමතරව ඡායා කැබිනට් මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන්ද කෘත්‍යාධිකාරී මණ්ඩලය දැඩි අවධානය යොමු කර ඇති අතර, ඉදිරි පක්ෂ ප්‍රතිසංවිධානයෙන් පසු පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවිය යුතු බවත්, එහිදී කටයුතු කිරීමේදී මෙම ඡායා කැබිනට් මණ්ඩලය කෙසේ සංවිධානය විය යුතුද යන්න පිළිබඳවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

 

Add comment


Security code
Refresh