
පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනරාල් සරත් පොන්සේකාට අද පාර්ලිමේන්තු පැමිණීමට යුද හමුදාව ඉඩ දී නැතැයි අනුර කුමාර දිසානායක මන්ත‍්‍රි වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් මතු කෙළේය. ‘‘යුද්ධාධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා යුද හමුදාව ඔහු මෙලෙස රඳවාගෙන සිටිතියි ඔහු චෝදනා කෙළේය. ඇමැති විමල් වීරවංශ මහතා පැවැසුයේ පොන්සේකා කවුරුන් වුවත් ඔහු මන්ත‍්‍රිවරයකු හෙයින් ඔහුට පාර්ලිමේන්තු එන්නට ඉඩ නොදීම
නරක පූර්වාදර්ශයක් බවයි. මෙවැනි අවස්ථාවක දී රජය හා විපක්ෂය එක්වී මන්ත‍්‍රි වරප‍්‍රසාද රැුකගත යුතු යැයි ද ඔහු කීවේය. කතානායක චමල් රාජපක්ෂ මහතා පැවැසුයේ අද ඔහුට පාර්ලිමේන්තු පැමිණීමට ඇති බව ඔහුගේ නීතිඥවරුන් යුද්ධාධිකරණයට දන්වා නැති බව තමාට දැනගන්නට ඇති බවයි. නීතිපතිගෙන් ද විමසා මේ ගැන තීරණයක් දෙන බව කාතානයක ප‍්‍රකාශ කෙළේය.