Home

මයිකල් ජැක්සන්ගේ මරණය සැක බව මරණ පරික්ෂක කියයි! වෛද්‍යවරයා පොලීසියට

E-mail Print PDF

පොප් ගායන ලොවේ රජු ලෙසින් සැලකෙන, සුපිරි ගායක මයිකල් ජැක්සන් ලොස්ඇන්ජලීස් රෝහලකදී මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, 50 වනවියේ පසුවූ මයිකල් ජැක්සන් මියගොස් තිබෙන්නේ හදිසි හදවත් රෝගයක් (cardiac arrest) නිසා බවයි.විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, ජැක්සන් හට හෘදයාබාධය වැළඳීමට ප්‍රථම ඔහුගේ වෛද්‍යවරයා වූ වෛද්‍ය කොන්රාඩ් මුරේ විසින් ඔහුට වේදනා නාශක ඖෂධ ලබා දී ඇති බවත්.ජැක්සන්ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ වෛද්‍යවරයා ප්‍රශ්න කිරීම් සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බවත් විදෙස් වාර්තා පවසයි.

ජැක්සන් මිය යෑමට ආසන්න කාලය තුළ හෘදයේ රෝගී තත්ත්වයක් තිබී ඇති අතර සම පිළිකාවකින් ද පෙළී සිටි ඇති බව වෛද්‍ය වාර්තාවලින් තහවුරු කර ඇති බව ද එම විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

කෙසේවෙතත් මයිකල් ජැක්සන්ගේ මරණය සම්බන්ධයෙන් යම් යම් සැක මතුව ඇති බැවින් ඔහුගේ මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කිරීමට තව දුරටත් ප්‍රමාද වන බව හදිසි මරණ පරීක්ෂකවරයා පවසා තිබේ.

Last Updated ( Sunday, 28 June 2009 13:55 )  

Add comment


Security code
Refresh