සැප්තැම්බර් මාසය අවසන් වන තෙක් දේශපාලනික වශයෙන් කිසිදු ප‍්‍රකාශයක් නොකොට, නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නැයි ශී‍්‍ර ලංකාවේ හා ඉන්දියාවේ ජෝතිශ්‍යවේදීන් පිරිසක් විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහට උපදෙස් දී ඇතැයි සිරිකොතින් රාවයක් යයි. එම තත්වය තුළ සැප්තැම්බර් මාසය අවසන් වන තෙක් විපක්‍ෂයේ පොදු සන්ධානයක් ගොඩනැඟීම හෝ වෙනත් කිසිදු දේශපාලන කටයුත්තකට විපක්‍ෂ නායකවරයා සහභාගි නොවන බවත්, අගෝස්තු මස මැද භාගයේ දී විපක්‍ෂයේ පොදු පෙරමුණ පිහිටු වීමට තීරණය කර ඇති බවත් පැවසේ.සැප්තැම්බර් මාසය දක්වා රනිල් වික‍්‍රමසිංහ හට බරපතල අපල කාලයක් පවතින බවත්, ඉන් අනතුරුව රාජයෝගයක් උදා වන බවත් එම ජෝතිශ්‍යවේදීන්ගේ මතය වී තිබේ.






