උතුරේ දෙමළ ප‍්‍රශ්ණයට විසඳුමක් වශයෙන් පළාත් සභා වලට බලය ලබාදෙන 13 වන ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කලහොත් තම පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත්වන බව ජාතික හෙළ උරුමය ප‍්‍රකාශ කරයි.හෙළ උරුමයේ ප‍්‍රතිපත්ති සම්පාදක, පාරිසරික හා ස්වාභාවික සම්පත් ඇමති පාඨලි චම්පික රණවක මේ බව සඳහන් කළේය.ඔහු පවසන අන්දමට 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාවට නැංවුවහොත් ඒ තුළින් රටට බරපතල විනාශයක් සිදුවෙයි.රජය තුළ සිටින ඇතැම් පිරිස් 13 වන ව්‍යවස්ථාවට එහා ගිය විසඳුම් ගැන පවා කථා කරන බවත්,
එය මහින්ද චින්තනයට සපුරා පටහැනි බවත්, 17 වන සංශෝධනය තුළද අර්බුද හා ගැටළු රැුසක් පවතින බවත්, එය ක‍්‍රියාවට නැංවුවහොත් ජාතිවාදය නීතිගත වන බවත් රණවක පැවසීය.
රජය තුළ සිටින බෙදුම්වාදයට සහය දෙන ක‍්‍රමන්ත‍්‍රණකාරීන් ඉදිරි මැතිවරණයේදී පරාජය කිරීමට ජනතාව පියවර ගතයුතු බවද ඉඩම් හා පොලිස් බලතල පළාත් සභාවලට ලබාදීමට තම පක්‍ෂය එකඟ නැති බවද, ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.






