Home

දෙමළ ආනථයන්ට සහන සැලසීමට ශ‍්‍රී ලංකා ආණ්ඩුවට කිසි සැලසුමක් නෑ - ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති

E-mail Print PDF

යුද්ධයෙන් අවතැන්ව සිටින තුන් ලක්‍ෂයක් දෙමළ ජනතාව පුනුරුත්ථාපනය කිරීම සඳහා ශ‍්‍රී ලංකා ආණ්ඩුව ගෙන ඇති පියවර ප‍්‍රමාණවත් නැතැයි ඉන්දීය ආණ්ඩුව ප‍්‍රකාශ කර සිටී. දකුණු ඉන්දීය තමිල්නාඩුවේ කරයිකුඩහිදි මාධ්‍යවේදීන් ඇමතු ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති පරෙයිඅප්පන් චිදම්බරන්අවතැන් වූවන් වෙනුවෙන් ශ‍්‍රී ලංකාව මෙතෙක් ගෙන ඇති පියවර පිළිබදව තමන්ට සතුටු විය නොහැකි බව ප‍්‍රකාශ කර සිටී.එමෙන්ම අවතැන් වූවන් රඳවා සිටින කඳවුරු වල සංචාරය කිරීම සඳහා ජාත්‍යන්තර නිරීක්‍ෂකයන්ට, රතු කරුසය වැනි ජාත්‍යන්තර සංවිධාන වලට මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ට ද ශ‍්‍රී ලංකා ආණ්ඩුව අවසර දිය යුතු බවද අමාත්‍ය සිදම්බරන් පැවසීය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක බැසිල් රාජපක්‍ෂ, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා ආරක්‍ෂක අමාත්‍ය ගෝඨාභය රාජපක්‍ෂ යන තිදෙනා පසු ගිය දා කළ ඉන්දීය සංචාරයේදී තමන් ඔවුන්ට මේ බව දැනුම් දුන් බවද ඇමතිවරයා ප‍්‍රකාශ කර සිටී. යුද්ධයෙන් අවතැන්ව දැනට වව්නියාවේ කඳවුරු වල රැඳී සිටින ලක්‍ෂ සංඛ්‍යාත දෙමළ ජනතාව වෙනුවෙන් ඉන්දීය අණ්ඩුව ඉන්දීය රුපියල් කෝටි පන්සීයක් වෙන් කොට තිබෙන බව පැවසූ ඇමතිවරයා ශ‍්‍රී ලංකාවේ අවතැන් වූ දෙමළ ජනතාවට සහන සැලසීම සඳහා ශ‍්‍රී ලංකා ආණ්ඩුවට කිසිදු සැලසුමක් නැතැයි ඉන්දීය ස්වදේශ කටයුතු ඇමතිවරයා වැඩි දුරටත් පවසා සිටි.
 

Add comment


Security code
Refresh