Home

අවසන් සටන

E-mail Print PDF

දශක තුනකට ආසන්න කාලයක් පුරා දමිළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය (එල්.ටී.ටී.ඊ.) සමග පැවති සටනේ අවසන් අධියරට පැමිණීමට මේ වන විට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් සමත් වී සිටී. මෙම සටනේ මුඛ්‍ය පරමාර්ථය වන්යේ ත්‍රස්තවාදයෙන් තොර ශ්‍රී ලංකාවක් බිහි කර සියලු ශ්‍රී ලාංකිකයන්ට නිදහසේ ජීවත් වීමට අවශ්‍ය වාතාවරණය රට තුල නිර්මාණය කිරීමයි.

2006 වර්ෂයේ අගෝස්තු මස සිවිල ්වැසියන් 30,000 ක් පමණ පිරිසකට ගොවිතැන් කටයුතු සඳහා ජලය සපයමින් තිබූ මාවිල් ආරු සොරොව්ව කොටි ත්‍රස්තවාදීන් විසින් වසා දැමීමත් සමග මෙම සටන ආරම්භ විය. එම කාලය වන විට උතුරු සහ නැ‍ගෙනහිර ප්‍රදේශයන්හි වර්ග කි.මී. 15,000 ක පමණ ප්‍රමාණයක් කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණය යටතේ පැවතිණි. නමුත් 2007 වර්ෂයේ අගෝස්තු මාසය වන විට නැගෙනහිර පලාතෙන් එල්.ටී.ටී.ඊ. ය සම්පූර්ණයෙන්ම ඉවත් කර දැමීමට ආරක්ෂක හමුදා සමත් විය.

උතුරු ප්‍රදේශයේ මෙහෙයුම් මුලින්ම ආරම්භ කෙරුණේ 2007 මාර්තු මාසයේ දී යුද හමුදාවේ 57 වන සේනාංකය වව්නියාවෙන් මෙහෙයුම් ආරම්භ කිරීමත් සමගයි. ඉන් අනතුරුව 2007 සැප්තැම්බර් මාසයේ දී කාර්ය සාධක බළකා 1 මන්නාරමෙන් මෙහෙයුම් ආරම්භ කරමින් යුද බිමට අවතීර්ණය විය. මෙම සේනාංක ඉතාමත් ආක්‍රමණකාරී සහ සැලසුම් සහගත අයුරින් මෙහෙයුම් දියත් කරමින් සාර්ථකත්වයන් ලබා ගන්නා අතරතුර 2008 වර්ෂයේ ජනවාරි මාසයේ දී තවත් නව යුද පෙරමුණක් නිර්මාණය කරමින් 59 වන සේනාංකය යුද බිමට අවතීර්ණ විය. ඔවුන් සටන් ආරම්භ කළේ වැලිඔය ප්‍රදේශයෙන්ය.

එලෙස ආරම්භ වූ සටන මේ වන විට ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයකට රැගෙන ඒමට ආරක්ෂක හමුදාවන් සමත් වී තිබේ. වර්තමානයේ කොටි ත්‍රස්තවාදීන් සැඟවී සිටින වන්නියේ ඉතා කුඩා බිම් ප්‍රදේශය වට කරමින් යුද හමුදා සේනාංක 5 ක් සහ කාර්ය කාර්ය සාධක බළකා 3ක් මෙහෙයුම් වල නිරත වී සිටී. ඒ 9 මාර්ගයෙන් බටහිර සීමාව ද, ඒ 34 මාර්ගයෙන් දකුණු සීමාවද, ඊසාන දිග වෙරලින් නැගෙනහිර සීමාවද සනිටුහන් කළ හැකි ත්‍රිකෝණාකාර බිම් ප්‍රදේශයකට ත්‍රස්තවාදීන් සීමා කර තැබීම‍ට ආරක්ෂක හමුදාවන් මේ වන විට සමත් වී සිටී. වර්තමානයේ වර්ග කි.මී. 562 ක පමණ ප්‍රමාණයකට කොටි ත්‍රස්තවාදීන් සීමා වී සිටින අතර යුද හමුදා සේනාංකයන් සහ කාර්ය සාධක බළකා දිනපතා මෙම භූමි ප්‍රමාණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අත්පත් කර ගනිමින් සිටී. යුද හමුදා සේනාංකයන් තම මෙහෙයුම් දියත් ඛළ ආකාරය පිළිබඳ කෙටි විස්තරයක් පහත දැක්වේ.

57 වන සේනාංකය
මේජර් ජෙනරාල් ජගත් ඩයස්ගේ නායකත්වයෙන් යුද බිමට අවතීර්ණය වූ 57 වන සේනාංකය 2007 මාර්තු මස වව්නියාවෙන් මෙහෙයුම් ආම්භ කරන ලදී. යුදමය වශයෙන් ඉතාමත් වැදගත්කමක් උසුලන වයඹ වෙරළ තීරය සහ ඒ 9 මාර්ගය අවහිර කරමින් කොටි ත්‍රස්තවාදීන්ගේ හදවත බඳු වූ කිලිනොච්චිය වෙත ගමන් කිරීම ඔවුන්ගේ අරමුණ විය.

57 වන සේනාංකයේ මෙහෙයුම් ක්‍රියාත්මක වූ අයුරු

අනු අංකය

දිනය

මුදා ගත් ප්‍රදේශ

01. 2008 අප්‍රේල් 24 මඩු පල්ලිය සහ ඒ අවට ප්‍රදේශය
02. 2008 මැයි 16 පාලම්පිඩ්ඩි නගරය
03. 2008 මැයි 23 මුන්ඩිමුරිප්පු ගම්මානය
04. 2008 ජූනි 15 පෙරියමඩු ගම්මානය
05. 2008 ජූලි 11 නද්දන්කන්දාල් ගම්මානය
06. 2008 අගෝස්තු 13 කල්විලාන් ගම්මානය
07. 2008 අගෝස්තු 22 තුනුක්කායි සහ උයිලන්කුලම නගර
08. 2008 සැප්තැම්බර් 02 මල්ලාවි නගරය
09. 2008 ඔක්තෝබර් 29 අක්කරායන්කුලම් වැව් බැම්ම
10. 2008 නොවැම්බර් 05 අක්කරායන්කුලම් නගර ප්‍රදේශය
11. 2008 දෙසැම්බර් 01 කොකාවිල් නගරය
12. 2008 දෙසැම්බර් 10 තෙරුමුරිකන්ඩි හන්දිය
13. 2009 ජනවාරි 02 කිලිනොච්චි නගරය
14. 2009 ජනවාරි 14 රාමනාතපුරම්
15. 2009 ජනවාරි 28 විශ්වමඩු නගරය


58 වන සේනාංකය
කාර්ය සාධක බලකා 1 ලෙස යුද බිමට අවතීර්ණ වූ 58 වන සේනාංකය 2007 සැප්තැම්බර් මස මන්නාරම ප්‍රදේශයෙන් මෙහෙයුම් ආරම්භ කරන ලදී. බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම සේනාංකය කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන සැපයුම් මාර්ගය වැටී තිබූ වයඹ දිල වෙරළ තීරය ඔස්සේ තම මෙහෙහයුම් ක්‍රියාත්මක කළේය.
 

58 වන සේනාංකයේ මෙහෙයුම් ක්‍රියාත්මක වූ අයුරු

අනු අංකය දිනය

මුදා ගත් ප්‍රදේශ

01. 2008 මැයි 09 අඩම්පන් නගරය
02. 2008 ජූනි 24 මුල්ලික්කන්දාල්, මින්නනිරන්චන් සහ මරත්තිකන්නදි ගම්මාන
03. 03 2008 ජූනි 29 මන්නාම සහල් නැලිය - ආලන්කුලම, ආන්දන්කුලම, අලකඩ්ඩිවේලි, පරප්පකන්දාල්, පරප්පුකඩත්තාන්, පම්පෙමොඩෙයි, ඕඩුපල්ලම්, නෙදුවරම්පු, කන්නපුත්තුකුලමසහ වන්නකුලම ගම්මාන
04. 2008 ජූනි 30  පෙරියමඩු නිරත ප්‍රදේශයේ දී 57 වන සේනාංකය සමග සම්බන්ධ වීම
05. 2008 ජූලි 16 වෙඩිතලතිව් නගරය
06. 2008 අගෝස්තු 02 ඉලුප්පුකඩවායි නගරය
07. 2008 අගෝස්තු 12 වෙල්ලාන්කුලම නගරය
08. 2008 අගෝස්තු 12 මුලන්කාවිල් පල්ලවරයන්කාඩු ප්‍රදේශ
09. 2008 අගෝස්තු 21 නච්චිකුඩා
10. 2008 ඔක්තෝබර් 06 මානියන්කුලම
11. 2008 ඔක්තෝබර් 20 වන්නනේරිකුලම
12. 2008 ඔක්තෝබර් 28 නොච්චිමොඩෙයි
13. 2008 ඔක්තෝබර් 29 ජයපුරම්
14. 2008 ඔක්තෝබර් 29 නච්චිකුඩා
15. 2008 නොවැම්බර් 10 කිරන්චි
16. 2008 නොවැම්බර් 13 යක්තුඩුව සහ වලෙයිපාඩු
17. 2008 නොවැම්බර් 15 පූනරින්
18. 2008 දෙසැම්බර් 23 පුංචි පරන්තන්
19. 2008 දෙසැම්බර් 26 නලනාවකුලම් ගම්මානය
20. 2009 ජනවාරි 01 පරන්තන්
21. 2009 ජනවාරි 08 මුරුසුමොඩෙයි
22. 2009 ජනවාරි 15 ධර්මපුරම්
23. 2009 ජනවාරි 28 විශ්වමඩු නගරය

 

59 වන සේනාංකය
බ්‍රිගේඩියර් නන්දන උඩවත්තගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන 59 වන සේනාංකය 2008 ජනවාරි මස වැලිඔය ප්‍රදේශයෙන් සිය මෙහෙයුම් ආම්භ කරන ලදී. මුලතිව් ප්‍රදේශයේ සැඟවී සිටින කොටි ත්‍රස්තවාදීන්ට ස්වභාවිකම රැකවරණය ලබා දුන් ආන්දන්කුලම සහ නාගන්චෝලෙයි වනාන්තර තුල මෙහෙයුම් දියත් කරමින් ත්‍රස්තවාදීන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට මෙම සේනාංකය සමත් වී සිටී.

59 වන සේනාංකයේ මෙහෙයුම් ක්‍රියාත්මක වූ අයුරු

අනු අංකය දිනය මුදා ගත් ප්‍රදේශ
01. 2008 මැයි 30 මූනගම් කඳවුර
02. 2008 ජූලි 04 මයිකල් කඳවුර
03. 2008 ජූලි 27 සුගන්දන් කඳවුර
04. 2008 අගෝස්තු 16 ජීවන් කඳවුර
05. 2008 අගෝස්තු 21 නයාරු කලපුව බටහිර
06. 2008 ඔක්තෝබර් 23 ගජබාපුර
07. 2008 නොවැම්බර් 11 කුමුලමුනෙයි ගම්මානය
08. 2008 නොවැම්බර් 29 ඔටියමලෙයි
09. 2008 දෙසැම්බර් 26 මුල්ලියාවලෙයි
10. 2009 ජනවාරි 25 මුලතිව් නගරය


53 වන සේනාංකය
මුහමලෙයි ඉදිරි ආරක්ෂක වළල්ලේ ආරක්ෂක කටයුතු සඳහා යොදවා තිබූ ‍53 වන සේනාංකයට නායකත්වය ලබා දෙනුයේ බ්‍රිගේඩියර් කමල් ගුණරත්න වන අතර ඔවුන්ගේ මූලික අරමුණ වූයේ යාපනය අර්ධද්වීපයට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වන තර්ජනයන් මැඩ පැවැත්වීමයි. නමුත් 2008 නොවැම්බර් මාසය වන විට තම මෙහෙයුම් ක්‍රමය වෙනස් කරමින් ආක්‍රමණකාරී මෙහෙයුම් වල නිරත වීමට 53 වන සේනාංකය කටයුතු කළේය. ඒ 9 මාර්ගයට දකුණු දෙසින් මෙම සේනාංකය ස්ථාන ගත වී තිබුණි.

55 වන සේනාංකය
55 වන සේනාංකය ද මුහමාලෙයි ප්‍රදේශයේ ඒ 9 මාර්ගයට උතුරු දෙසින් ස්ථාන ගත වී යාපනය අර්ධද්වීපයට කොටි ත්‍රස්තවාදීන්ගෙන් එල්ල විය හැකි තර්ජන වළක්වාලීමේ කටයුතු වල නිරත විය. බ්‍රිගේඩියර් ප්‍රසන්න සිල්වාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන ‍55 වන සේනාංකය 2008 වර්ෂයේ නොවැම්බර් මාසයේ දී ආරක්ෂක මෙහෙයුම් වලින් ඉවත් වී ආක්‍රමණකාරී මෙහෙයුම් ආරම්භ කළේය

කාර්ය සාධක බලකා 2
2008 ජූනි මස පාලමොඩෙයි දකුණු ප්‍රදේශයෙන් මෙහෙයුම් ආරම්භ කළ ‍කාර්ය සාධක බළකා 2 ට නායකත්වය ලබා දෙනුයේ බ්‍රිගේඩියර් රෝහණ බණ්ඩාර විසිනි. මොවුන් බටහිර සිට නැගෙනහිර දෙසට ඒ 9 මාර්ගය හරහා තම ආක්‍රමණකාරී මෙහෙයුම් දියත් කළේය.
කාර්ය සාධක බළකා 2 හි මෙහෙයුම් ක්‍රියාත්මක වූ අයුරු
 

අනු අංකය

දිනය

මුදා ගත් ප්‍රදේශ

01. 2008 ජූලි 11 නවි ගම්මානය
02. 2008 දෙසැම්බර් 04 පුලියන්කුලම
03. 2008 දෙසැම්බර් 05 කනගරායන්කුලම
04. 2009 ජනවාරි 21 උදයාර්කට්ටු වැව් බැම්ම


කාර්ය සාධක බළකා 3
2008 නොවැම්බර් මස වන්නිවිලාන්කුලම ප්‍රදේශයෙන් මෙහෙයුම් ආරම්භ ඛල කාර්ය සාධක බළකා 3 ට නායකත්වය ලබා දෙනුයේ බ්‍රිගේඩියර් සත්‍යප්‍රිය ලියනගේ වන අතර ඔවුන් ද ඒ 9 මාර්ගය හරහා බටහිර සිට නගෙනහිර දෙසට මෙහෙයුම් ක්‍රියාත්මක කළේය.

3 වන කාර්ය සාධක බලකා‍යේ මෙහෙයුම් ක්‍රියාත්මක වූ අයුරු
 

අනු අංකය

දිනය

මුදා ගත් ප්‍රදේශ

01. 2008 නොවැම්බර් 17 මාන්කුලම
02. 2008 නොවැම්බර් 25 ඕලුමඩු
03. 2008 දෙසැම්බර් 15 අම්පකාමම්

 
කාර්ය සාධක බළකා 4
බ්‍රිගේබියර් නිශාන්ත වන්නිආරච්චිගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන කාර්ය සාධක බළකා 4 සිය මෙහෙයුම් ආරම්භ කළේ නැදුන්කර්නි ප්‍රදේශයෙනි. 2008 දෙසැම්බර් මාසයේ දී සටන් බිමට අවතීර්ණ වූ මොවුන් මුලතිව් යුද පෙරමුණේ ක්‍රියාත්මක වූ 59 වන සේනාංකයට බටහිර දෙසින් ක්‍රියාත්මක විය.

අනු අංකය

දිනය

මුදා ගත් ප්‍රදේශ
01. 2008 දෙසැම්බර් 20 නැදුන්කර්නි
02. 2009 ජනවාරි 04 ඔඩ්ඩුසුඩාන්
03. 2009 ජනවාරි 12 කෙරිදට්ටඩු

Sources: www.defence.lk