මුළු විශ්වයම ජයගත් සක්විති රජ කෙනෙකු ලෙස මහින්ද රාජපක්‍ෂ තමාගේ ප‍්‍රතිරූපය පුම්බා ගන්නට වෑයම් කළද ජනාධිපතිවරයාත් ඔහුගේ ආණ්ඩුවත් මහජනතාවට පමණක් නොව සාත්තරකාරයකුට පවා බිය වෙන බව දැන් සිදුවන සිදුවීම්වලින් පැහැදිලි වන්නේ යයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහජන පාර්ශවයේ නායක මංගල සමරවීර පැවසීය.ආණ්ඩුවේ කාලය අපල බවට පුවත්පතට ලිපියක් ලියූ සාත්තරකාරයකු රහස් පොලිසියට ගෙනගොස් රඳවා තැබීමේ නියෝග යටතේ රඳවා තබා ගෙන ප‍්‍රශ්න කරන්නට රජය සැරසෙන්නේ නම් ඉන් පෙනෙන්නේ
ජනාධිපතිවරණය, මහමැතිවරණය නොපවත්වා ජනාධිපතිගේ සහ ආණ්ඩුවේ කාලය දිගු කර ගැනීමට පළාත් පාලන ආයතනවලින් යෝජනා එන්නේ ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් ජනතාවගේ ඡන්දයට බිය බැවිනි. ජනාධිපතිවරයා තමන් මෙම යෝජනාවලට විරුද්ධ බව කීවත් එය සැබෑවක් නම් මර්වින් සිල්වා ජනක බණ්ඩාර තෙන්නකෝන් වැනි අය මෙවැනි යෝජනා තම බල ප‍්‍රදේශයේ පළාත් පාලන ආයතනවලින් ගෙන එන්නට ක‍්‍රියා නොකරන බව සහතිකය. මෙය මුට්ටිය දමා බැලීමේ සෙල්ලමකි.
ආණ්ඩුව මැතිවරණ කල් දැමීමට සූදානම් වුවහොත් ඊට එරෙහිව රට තුළ දැවැන්ත බලවේගයක් ගොඩනැගීමට මූලිකත්වය ගන්නා බවද මංගල සමරවීර පැවසීය.






