කරුණා අම්මාන්ට හා පිල්ලෙයාන්ට තිබෙන අයිතිවාසිකම් සමස්ත දෙමළ ජනතාවටම ලැබිය යුතු බව ගාල්ල දිස්ත‍්‍රික් එජාප මන්ත‍්‍රී වජිර අබේවර්ධන ප‍්‍රකාශ කරයි.සටන් විරාම ගිවිසුම යුද්ධය ජයග‍්‍රහණය කරන්නට ඓතිහාසික ලියවිල්ලක් වූ බවත් දළදා මාලිගාවට පහරදීමේ චෝදනාවට ලක්වූ කරුණාට ජාතික ලැයිස්තුවේ මන්ත‍්‍රීවරයකු ලෙස දිවුරුම්දී කැබිනට් මණ්ඩලයට පත්වන්නටත්, ශ‍්‍රී මහ බෝධියට වෙඩි තබා සිල් මෑණිවරුන් හා භික්‍ෂූන් වහන්සේලා ඝාතනය කළ මුස්ලිම් දේවස්ථානවලට පහරදුන් පිල්ලෙයාන්ට මහ ඇමැතිවන්නට අවස්ථාව සැලැසුනෙත් එම ලියවිල්ල නිසා බවත්, එය නරක යැයි තමා නොකියන බවත් අබේවර්ධන පැවැසීය.
රජාණෝ ක‍්‍රමය තිබුණ කාලයේ ‘වැරදි’ යැයි කීවොත් හිස ගසා දමන බවත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයකට ලෝකය පිවිසියේ එය වැරැදි නිසා බවත් අබේවර්ධන සඳහන් කළේය.
එජාපය හිතුවේ ජාතික සමඟිය ඇති කර ප‍්‍රශ්නයට විසඳුමක් දීමට වන අතර, රජය සිතුවේ ත‍්‍රස්තවාදය නැතිකර ජාතික සමඟිය ඇති කිරීමට බැවින් දැන් රජයට ඒ අභියෝගය තිබෙන බවත්, ඉන් ඈත්වී, වෛරය ඉස්මතු වී තිබෙන නිසා දිගුකාලීනව එජාපය නිදොස් කොට නිදහස් කිරීමේ ස්ථාවරයට ගමන් කරමින් සිටින බවත්, ඔහු සඳහන් කළේය.
විවිධ ජාතීනට වසර 450 ක් යටත්ව තිබූ අපේ රට 1948 දී නිදහස් කර ගත්තේ ඞී.එස්. සේනානායක මහතා විසින් ඒ කාලයේ බණ්ඩාරනායක මහතා හැර සිංහල නායකයින් අත්අඩංගුවට ගත් අතර, එයට විරුද්ධව සිංහල නායකයින් වෙනුවෙන් පෙනී සිටියේ හා එසේ අත්අඩංගුවට ගැනීම වැරදි බව පෙන්නා දුන්නේ අරුණාචලම් පොන්නම්බලම් වැනි දෙමළ නායකයින් බවත්, නිදහස ලබාගත් ඞී.එස්. ‘රජාණෝ’ වුයේ නැති අතර ඔහු ‘ජාතියේ පියා’ වූ බවත්, ඒ මහතා පැවැසුවේය.
සටන් විරාමය පැවැති කාලයේ ඇමරිකානු ඔත්තුසේවා එල්ටීටීඊයට මිසයිල සපයන අය පසුපස හඹාගිය අතර, කැනඩාවේ දෙමළ කථා කරන මහාචාර්යවරයකු මේ සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඔහුගේ තොරතුරු මත තවත් 8 දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන නඩු විභාගයක් පවත්වා ඔවුන් ජීවිතාන්තය දක්වාම සිරගත කළ බවත්, සටන් විරාම ගිවිසුම නිසා එදා මෙරටට මිසයිල ගෙන එන්නටත්, ඒවා පාවිච්චි කරන්නටත් නොහැකි වූ බවත්, ඉදිරියේදී මේ තොරතුරු ලියකියවිලි සමඟ ජනතාවට ඉදිරිපත් කරන බවත් අබේවර්න මහතා කීවේය. හමුදා ශක්තිමත් කළේත්, යුද නෞකා ලබාදුන්නේත් එජාපය බව පැවැසූ ඒ මහතා සටන් විරාම ගිවිසුම රට පාවා නොදුන් ඓතිහාසික ලියවිල්ලක් බව පෙන්වා දුන්නේය.
‘සටන් විරාම ලියවිල්ලෙන් එල්ටීටීඊයට කිසිම දෙයක් ලැබුණේ නෑ. රාජ්‍ය නායකයා නොවූ රනිල් ජේ.ආර්. ද අභිබවා යමින් ඒ කටයුත්ත කළා. එය යුද ජයග‍්‍රහණ සඳහා මාවතක් පමණයි. ඒ ගිවිසුමෙන් ප‍්‍රභාට ලැබුණේත් මරණය පමණයි. එල්ටීටීඊය පරලොව සැපැත්වූවාට පසුව එජාපයට වාසිය ලැබී තිබෙනවා. රතිඤ්ඤා හා කිරිබත්වලට දේශපාලනය කරන්න අපි කලබල විය යුතු නෑ‘ යි අබේවර්ධන මහතා සඳහන් කළේය.






