එක්සත් ජාතික පක්‍ෂයෙන් රජයට එක්වූ තවත් පිරිසකට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායකධුර පිරිනැමීම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අතින් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී සිදුකෙරේ. රජයේ අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධනට හෝමාගම ආසනය ද, ගාමිණී ලොකුගේට කැස්බෑවආසනය ද, පී.දයාරත්නමහතාට අම්පාර දිස්ත‍්‍රික්කයේ ආසනයක් ද, මනෝ විජයරත්නට දැදිගම ආසනය ද පිරිනැමීය. ඇත.ගාමිණී දිසානායකගේදෙවැනි පුත් මයන්ත දිසානායකට ද අම්පාර දිස්ත‍්‍රික්කයේ ශ්‍රී.ල.නි.ප. ආසනසංවිධායක ධුරයක් පිරිනැමීය.
මේ අතර දැනට දැදිගම ශ්‍රී.ල.නි.ප. ආසන සංවිධායක ලෙස කටයුතු කරන ඇමැති අතාවුද සෙනෙවිරත්නට මාවනැල්ල ආසනය ලබාදෙන අතර, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුලිප් විජේසේකරට බියගම ශ්‍රී.ල.නි.ප. ආසන සංවිධායක ධුරයපිරිනැමීය.
ඒ අනුව එක්සත් ජාතික පක්‍ෂයෙන් ආණ්ඩුවට එක් වූ පහත නම් සඳහන් අමාත්‍යවරන්ට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායක ධූර හිමි විය.
1. බන්දුල ගුණවර්ධන - හෝමාගම ආසනය
2. ගාමිණී ලොකුගේ - කැස්බෑව ආසනය
3. හේමකුමාර නානායක්කාර - බද්දේගම ආසනය
4. මනෝ විජේරත්න - දැදිගම ආසනය
5. පී. දයාරත්න - දිගාමඩුල්ල ආසනය
6. ඩබ්ලිව්. බී. ඒකනායක - බටහිර අනුරාධපුර
7. මහින්ද රත්නතිලක - බලංගොඩ ආසනය
එක්සත් ජාතික පක්‍ෂයෙන් ආණ්ඩුවට එක් වූ පහත නම් සඳහන් අමාත්‍යවරුන්ට මීට ඉහත දී ආසන සංවිධායක ධූර පිරිනමා තිබිණ.
1. රාජිත සේනාරත්න - බේරුවල ආසනය
2. මහින්ද සමරසිංහ - අගලවත්ත ආසනය
3. චන්ද්‍රසිරි සූරියආරච්චි - මැදිරිගිරිය ආසනය
4. ලයනල් පේ‍්‍රමසිරි - ගාල්ල ආසනය
5. ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන - හක්මන ආසනය
6. මහින්ද විජේසේකර - දෙවිනුවර ආසනය
මීට අමතරව එජාපයෙන් ආණ්ඩුවට එක් වූ ඇමති මිලින්ද මොරගොඩට රත්මලාන ආසනයත්, ඇමති සුසන්ත පුංචිනිලමේට ති‍්‍රකුණාමලය ආසනයත්, ඇමති ධර්මදාස බණ්ඩාරගේ පුත‍්‍රයාට බිබිල ආසනයත් ලබා දීමටත්, ඇමති ජී.එල්. පීරිස් ජාතික ලැයිස්තුවෙන් යලි පාර්ලිමේන්තුවට නම් කිරීමටත් ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ශ‍්‍රී.ල.නි.ප මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 18 දෙනෙකු ආණ්ඩුවට එක් වෙමින් පිහිටුවා ගනු ලැබූ එක්සත් ජාතික පක්‍ෂය - ප‍්‍රජාතන්ත‍්‍රවාදී කණ්ඩායමේ නායක කරූ ජයසූරිය යලි එක්සත් ජාතික පක්‍ෂයට එක් වූ අතර අනෙකුත් ඇමතිවරුන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සමාජිකත්වය ලබාගෙන තිබේ. ඒ අනුව එක්සත් ජාතික පක්‍ෂය - ප‍්‍රජාතන්ත‍්‍රවාදී කණ්ඩායම ලෙස පුවත් පත් නිවේදන නිකුත් කිරීමට හෝ ඉතිරි වී ඇත්තේ හිටපු අමාත්‍යවරයෙකු වූ ආර්.ඒ.ඞී. සිරිසේන පමණි. ඔහු ද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දැරනියගල ආසනයේ සංවිධායක ධූරය අපේක්‍ෂාවෙන් සිටී.






