රාජ්‍ය නායකයා වශයෙන් මහින්ද රාජපක්‍ෂ පාර්ලිමේන්තුවට පැමිණ දේශපාලන විසඳුමක් පිළිබඳව පැහැදිලි පොරොන්දුවක් ලබාදී තිබියදී හෙළ උරුමක්කාරයන්ගේ මත සම්බන්ධයෙන් කිසිවකුත් කලබල විය යුතු නැතැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ භාණ්ඩාගාරික සහ එහි මහ ලේකම් වරයා පැවසීය.කොටි ත‍්‍රස්තවාදය අතුගා දැමීමේ විජයග‍්‍රහණයේ මතය කරළියෙන් ඉවත් කිරීමට සමහරුන් දරණ උත්සාහයට ඉඩදිය යුතු නැති බවද ඇමැති අලහප්පෙරුම ප‍්‍රකාශ කළේය.
කොටි ත‍්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ වැදගත් කරුණු තුනක් ඉදිරිපත් කළේ යැයි කී ඇමැතිවරයා මෙම ජයග‍්‍රහණය පමණක් අවසන් විසඳුම ලෙස නොසලකන බව තමා කිසිවිටෙකත් පිටරටක කාබන් කොපියක් නොවන බව හා දේශයේ විසඳුමක් ඉදිරිපත් කරන බව එම කරුණු තුන යැයි කීවේය.
පොරොන්දු ඉටුකළ රාජ්‍ය නායකයකු ලෙස ජනාධිපතිවරයා වගකීමෙන් කළ ප‍්‍රකාශය පිළිබඳව විශ්වාස කරන ලෙස ඉල්ලා සිටි ඇමැති අලහප්පෙරුම සහ එහිමහ ලේකම් වරයා එනිසා වෙනත් තර්කවල පැටලීමේ අවශ්‍යතාවක් නැතැයි පැවසීය






