උතුරට ඉඩම් හා පොලිස් බලතල ලබාදුන්නොත් තවත් ප්‍රභාකරන් කෙනෙක් බිහිවීම වැළැක්විය නොහැකි බව පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසයි.එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති අමාත්‍ය තෙන්නකෝන් "ප්‍රභාකරන් ජීවත්වෙලා ඉන්න කොට පොලිස් බලතල ලැබුණ නම් මිනිහ නොකරන දෙයක් නැහැ. ඒ නිසා ඒ ගැන තීරණය කරන්න ඕනෙ හොදට හිතල බලලයි. මට හිතෙන හැටියට නං උතුරට පොලිස් බලතල දිය යුත්තේ මහ ඇමැති හැටියට පත්වන පුද්ගලයාටයි. නමුත් ඒකෙත් ලොකු ප්‍රශ්නයක්.මොකද නරක මිනිහෙකුට ඒ බලතල ලැබුනොත් මොකද්ද සිද් වෙන්නෙ. එහෙම වුණොත් ප්‍රතිපල භයානක වෙනවා. ඉන්දියාවේ ඔය විදියට බලතලදීල සංශෝධන එකසිය ගණනක් කරන්න සිද්දවුණා.
දකුණෙ ශාන් විජේලාල්ට හෝ උතුරුමැද බර්ටි ප්‍රේමලාල්ට පොලිස් බලතල දුන්නොත් නැගෙනහිර සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ට ඒ බලය නොදී ඉන්න බැහැ. අන්න ඒක තමයි ප්‍රශ්නය. ඒ නිසා ඔය කාටවත් පොලිස් හා ඉඩම් බලතල දැන්ම දෙන්න පුළුවන්කමක් නැහැ. ඇයි මතක නැද්ද වර්ධරාජා පෙරුමාල් කරන්න ගිය වැඩේ. ඒ විදියේ අමිහිරි අත්දැකීම් අන්ව පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල දිය යුතුයි කියන්න නම් මගේ දිව නැමෙන්නේ නෑ. මොකද සමහර විටට එවැනි ක්‍රියාවක් නිසා තවත් ප්‍රභාකරන් කෙනෙක් බිහිවෙන්න පවා ඉඩ තිබෙනවා.






