Home

ලංකාවේ බලය බෙදන්න නිරූපමා එයි

ලංකාවේ බලය බෙදන්න නිරූපමා එයි

ඉන්දිය විදේශ ලේකම් නිරූපමා රාඕ මහත්මිය තෙදින නිල සංචාරයක් සදහා අද දිවයිනට පැමිණීමට නියමිතය. රාඕ මහත්මියගේ මෙම සංචාරය පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ අදාළ සංචාරයේ දි රාඕ මහත්මිය ජනාධිපතිවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු මෙරට ඉහළ පෙළ නියෝජිතයින් කිහිපදෙනෙකු සමග ද්විපාර්ශ්විය සාකච්ඡා පැවැත්විමට නියමිත බවයි. ඊට‍ අමතරව ඇය ශ්‍රී ලංකාවේ රැදී සිටින කාලය තුළ පේරාදෙණියේ ස්ථාපිත ඉංග්‍රිසි භාෂා පුහුණු මධ්‍යස්ථානය වෙත යාමට ද සැලසුම් කර ඇත. අදාළ මධ්‍යස්ථානය ඉන්දිය රජයේ මුල්‍ය සහයෝගය මත ස්ථාපනය කර තිබේ. ආණ්ඩුවේ

Read more...

ජනපති පවුලේ නම රැකගන්න විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවයි

ජනපති පවුලේ නම රැකගන්න විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවයි

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන්ගේ සහ රාජපක්‍ෂ පවුලේ අයගේ නම් ‘විකුණමින්’ කූට ව්‍යාපාර පවත්වා ගෙන යන බවට ලැබී ඇති පැමිණිලි ගැන පරීක්‍ෂා කිරීමට පොලිස්පති මහින්ද බාලසූරිය මහතා විසින් විශේෂ විමර්ශන ඒකකයක් ස්ථාපිත කොට තිබේ.
රටේ සිදුවන අපරාධ., වංචා, හොරකම් ආදිය ගැන පරීක්‍ෂා කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තුළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සීඅයිඞී* කොළඹ අපරාධ කොට්ඨාශය (සීසීඞී)

Read more...

චින්තන සැලසුම් අසාර්ථකයි - අයවැය හිඟය 9.7% ක් දක්වා ඉහළට

චින්තන සැලසුම් අසාර්ථකයි - අයවැය හිඟය 9.7% ක් දක්වා ඉහළට

මහින්ද චින්තනය යටතේ 2009 වසරේදී ලංකාවේ අය වැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 7% ක මට්ටමේ පවත්වා ගැනීමට රජය කටයුතු කරන බව මීට පෙර දිගින් දිගටම රජයේ විවිධ පුද්ගලයින් විසින් පැවසුවත් මේ වන විට 2009 වසරේ අය වැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.7% ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මුදල් අමාත්‍යංශය විසින් මහ මැතිවරණයට පෙර නිකුත් කරන ලද වාර්තාවක් මගින් මේ කරුණ අනාවරණය වී ඇති අතර,

Read more...

රටට නව දේශපාලන සංස්කෘතියක් හදුන්වා දෙනවා - විජිත හේරත්

රටට නව දේශපාලන සංස්කෘතියක් හදුන්වා දෙනවා - විජිත හේරත්

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙන යමින් තිබෙන වෛරී දේශපාලනය වෙනුවට රටට නව දේශපාලන සංස්කෘතියක් හදුන්වාදීමට කටයුතු කරන බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ පැවැති ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේදීය.

Read more...

මේ රටේ තිස් පන්ලක්‍ෂයක් අන්ත දිළින්දෝ -ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව

මේ රටේ තිස් පන්ලක්‍ෂයක් අන්ත දිළින්දෝ -ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට මේ රටේ ජනගහණයෙන් 15.2% ක ප‍්‍රමාණයක් මූලික ආහාර පාන ලබාගැනීමටවත් වියදම් කළ නොහැකි අන්ත දිළින්දෝය.ශ‍්‍රී ලංකාවේ සමස්ත ජනගහණය දෙකෝටි හතලිස් ලක්‍ෂයක් පමණ වෙයි.මෙරට එක් පුද්ගලයකුට මාසයකට අවශය මූලික ආහාර ලබා ගැනීම සඳහා වැයවන අවම වියදම හෙවත් දරිද්‍රතා රේඛාවේ (දිළිඳුකම මණින සීමාව)මට්ටම ඉකුත් ජනවාරි මාසයේදී රුපියල් 3079 ක් ලෙස පැවතියේ යයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read more...

ජෙනරාල් සිර මැදිරියේ උපවාසයක් අරඹයි

ජෙනරාල් සිර මැදිරියේ උපවාසයක් අරඹයි

ආණ්ඩුව විසින් සිරගත කරනු ලැබ සිටින ජෙනරාල් සරත් ‍ෆොන්සේකා මහතා අද උදෑසන සිට සිර මැදිරිය තුළ උපවාසයක් ආරම්භ කර ඇත. අධිකරණය විසින් සහතික කරන ලද තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට විරෝධය පළ කිරීම සඳහා මෙම උපවාසය ආරම්භ කර තිබේ. සරත් ‍ෆොන්සේකා මහතා බැලීමට යන ඔහුගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මියට සිර මැදිරිය වෙත ජංගම දුරකතනය ගෙන යාමට අවසර ලබා දී තිබිණි. සරත් ෆොන්සේකා මහතා සිය දරුවන් සමග අදහස් හුවමාරු කර ගන්නේ එම ජංගම දුරකතනය භාවිත කරමිනි. එහෙත් ඊයේ සවස හදිසියේම එම අවසරය

Read more...

පාලක සන්ධාන ලැයිස්තුවල ඉන්නේ දේශපාලනයට කැපවුණු පිරිසක් නොවේ- විපක්ෂ නායක

පාලක සන්ධාන ලැයිස්තුවල ඉන්නේ දේශපාලනයට කැපවුණු පිරිසක් නොවේ- විපක්ෂ නායක

පාලක සන්ධාන අපේක්ෂක ලැයිස්තුවේ සිටින්නේ ප‍්‍රශ්නවලට විසඳුම් සෙවිය නොහැකි දේශපාලනයට කැපවීමක් නැති පිරිසකැයි එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පුත්තලම දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්‍ෂ සම්මේලනය අමතමින් පැවසීය.පුත්තලම දිස්ත‍්‍රික් එජාප සංවිධානයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංගේ බණ්ඩාර මහතා සංවිධානය කොට තිබුණු මෙම දිසා සම්මේලනයේදී විපක්‍ෂ නායකවරයා මෙසේද කීය.

Read more...

ආනන්ද සංගරී ඉන්දීය මොඩලයේ බලය බෙදීමක් ඉල්ලයි

ආනන්ද සංගරී ඉන්දීය මොඩලයේ බලය බෙදීමක් ඉල්ලයි

දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී.ආනන්ද සංගරී මහතා සිය මැතිවරණ ප්‍රකාශය නිකුත් කරමින් පවසා සිටින්නේ ශ්‍රී ලංකාවට සුදුසු වන්නේ ඉන්දියාව මෙන් වූ බලය විමධ්‍යගත කිරීමක් බවයි. ඒකීය ව්‍යවස්ථාවක් යටතේ දෙමළ ජනයාට ඔවුන්ගේ පෙදෙස්හි බලය විමධ්‍යගත වෙතියි විශ්වාස කළ නොහැකි බැවින් මෙලෙස ඉන්දියාවේ මෙන් බලය විමධ්‍යගත කිරීමක් අවශ්‍ය ඔහු මෙම ප්‍රකාශයේදී වැඩිදුරටත් දක්වා ඇත. සංගරී මහතා විසින් ඉදිරිපත් කර ඇති මැතිවරණ

Read more...

ජෙනරාල් මාතෘභූමිය මත නිකම් දණ ගහපු වීරයෙක් නොවෙයි -අනුර දිසානායක

ජෙනරාල් මාතෘභූමිය මත නිකම් දණ ගහපු වීරයෙක් නොවෙයි -අනුර දිසානායක

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මාතෘභූමිය මත නිකම් දණ ගහපු වීරයෙක් නොව මාතෘභූමියේ ජයග‍්‍රහණය වෙනුවෙන් ලේ හලපු වීරයෙක් බවත්, අද වීරයන් වෙලා තියෙන්නේ මාතෘභූමියේ නිකම් දණ ගහපු අය බවත් ජවිපෙ හිටපු පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.ඔහු මේ ප‍්‍රකාශය කරන්නේ ලක්බිම සතිඅන්ත පුවත්පත සමග කරන සම්මුඛ සාකච්ඡුාවකදීය.ජෙනරාල් ෆොන්සේකා මාතෘභූමිය වෙනුවෙන් කළ මෙහෙය ගැන දිසානායක මහතා සඳහන් කරන්නේ මෙසේයි.

Read more...

වීරවංශ කොළඹ 1 කිරීමට නාමල් හා බැසිල්ගෙන් මෙහෙයුමක්

වීරවංශ කොළඹ 1 කිරීමට නාමල් හා බැසිල්ගෙන් මෙහෙයුමක්

කොළඹ දිස්ති‍්‍රක්කයේ මනාප ලයිස්තුවේ අංක 1 ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශට ලබාදීම සඳහා නාමල් රාජපක්‍ෂ හා බැසිල් රාජපක්‍ෂ මෙහෙයුමක් ආරම්භකර ඇතැයි අරලියගහ මන්දිර ආරංචි මාර්ග වලින් වාර්තා වේ. පසුගිය දිනවල දැන්වීම් ප‍්‍රවාරක ආයතනයක පිරිසක් යොදවමින් කරන ලද සමීක්‍ෂණයක් අනුව දුමින්ද සිල්වා සන්ධාන ලයිස්තුවේ අංක එක ස්ථානයට පත්වන බව හෙලිවීමත් සමග මෙම සැලැසුම සකස්කර තිබේ.
විශේෂයෙන් දුමින්ද සන්ධාන ලයිස්තුවේ බැසිලට ද ඉහලින් මනාප ලබාගනු ඇතැයි ද ඒසේම සමස්ථ සන්ධාන ලයිස්තුවේම වැඩිම මනාප ගණන ද දුමින්ද සටහන් කරන බව එම සමීක්‍ෂණයෙන් හෙලිවී තිබේ.

Read more...

Sri Movies

JavaScript is disabled!
To display this content, you need a JavaScript capable browser.





JavaScript is disabled!
To display this content, you need a JavaScript capable browser.

ඔබේ මතය 1

විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතුද
 





Pick of the day


Who's Online

We have 2 guests online