ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හමුදා අත්අඩංගුවට ගත්තේ, ඔහු හමුදාවේ සිටියදී හමුදා නීතියට එරෙහිව කටයුතු කළ නිසා බවත් එහු ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත නිසා ඒ ගැන කථා කිරීම අධිකරණයට අපහාස කිරීමක් විය හැකි යැයි අග‍්‍රාමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක මහතා පැවැසීය.වික‍්‍රමනායක මහතා ඒ බව පැවසුවේ කොළඹ අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ අද පස්වරුවේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට
ගත්තද එහි කිසිදු නීතිමය පදනමක් නැහැනේදැයි මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයට පිළිතුරු දෙමින්ය. හමුදාවෙන් අත්අඩංගුවට ගත්තත් ෆොන්සේකා මහතා තවදුරටත් හමුදා නිලධාරියෙක් නොව, සිවිල් පුද්ගලයකු නේදැයි මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයට අග‍්‍රාමාත්‍යවරයා පිළිතුරු දෙමින් ඔහු අද සිවිල් පුද්ගලයකු බව ඇත්ත, නමුත් ෆොන්සේකා මහතා හමුදා තුළ සිටියදි කළ වැරැුදිවලට අත්අඩංගුුවට ගෙන ඇති බවත්, ඔහු වැරැුදි කළා නම් ඊට දඬුවම් ලැබිය යුතු බවත් කීවේය.




















