
ලංකාව තුළ මැතිවරණයක් අවසානයේ අනපේක්ෂිත දේ සිදුවෙමින් න බව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ අත්අඩංගුවට ගැනීම පිළිබදව අදහස් දක්වන ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක පිලිප් ක්‍රවුලි පවසයි. අපි ඉතා උනන්දුවෙන් වර්ධනය වන තත්වයන් නිරීක්ෂණය කරනවා. ඕනෑම පියවරක් ශ්‍රී ලංකාවේ නීතියට අනුකූල වියයුතුයි. ශ්‍රී ලංකා සමාජය තුළ පවතින ගැටලු විසදීම සදහා වැඩි වගකීමක් පවතින්නේ ශ්‍රී ලංකා ආණ්ඩුවටයි." ඔහු කියා සිටී.
"සෑම ක්‍රියාවක්ම ගතයුත්තේ, ශ්‍රී ලංකා සමාජය තුළ පවතින බෙදීම් අවම කරන දිශාවට මිස ඒවා වැඩිවන දිශාවට නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී ආයතන අනාගතයේ කවර ස්වරූපයක් ගනු ඇත්තේ දැයි තීරණය වනු ඇත්තේ ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග මතය." ඔහු වැඩිදුරටත් පවසයි.