හමුදා නීතිය යටතේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අතඅඩංගුවට ගත් බවට ආණ්ඩුවේ ප‍්‍රකාශයන් කරන විවිධ අසත්‍ය ප‍්‍රකාශ මගින් සිදුවන්නේ ආණ්ඩුවේ විශ්වාසය අභියෝගයට ලක්වීම පමණකැයි ද කිසිම පනතක් හෝ නීතියක් යටතේ සිදු නොවූ, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නියමයන් පවා උල්ලංඝනය කෙරෙන මෙම නීති විරෝධී අත්අඩංගුවට ගැනීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන දේශීය හා විදේශීය සියලූ දෙනාම හෙළා දකින අතර
ඔවුන්ගේ එකම ඉල්ලීම ෆොන්සේකා නිදහස් කරනු ! යන්න යයිද විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අද ්‍රකාශ කළේය.අත්අඩංගුවට ගැනීමට හේතු වන කිසිම වරදක් ෆොන්සේකා මහතා සිදු කොට නැති බවත්, මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප‍්‍රකාශකයන් පවසන කරුණු අසත්‍ය බවත් පැහැදිලි කිරීමට විපක්‍ෂ නායකවරයාගේ කාර්යාලයේදී පැවැති මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදි වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය.
සරත් ෆොන්සේකා නිදහස් කරනු ! යන්න ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන සියල්ලන්ගේම එකම ඉල්ලීම බවට අද පත්ව තිබේ. ඔවුහු මෙය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පියවරක් පමණක් නොව පිළිකුල් සහගත සිදුවීමක් ලෙසද හෙළා දකිති. රාජපක්‍ෂ රජයට හිතවත් හින්දු පත‍්‍රය ෆොන්සේකා මහතා නිදහස් කරන්නැයි ඉල්ලමින් පෙන්නා දී තිබෙන්නේ මෙය ආණ්ඩුවේ විශ්වාසය අභියෝගයට ලක්වීමක් ලෙසිනි.
ලෝකයේ හැම මාධ්‍යයක්ම මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මරු පහරක් බව කියද්දී මෙරට මාධ්‍ය මෙවැනි සිදුවීමක් නොවූ පරිදි හැසිරෙන්නේ මාධ්‍ය මර්දනය උග‍්‍ර කර ඇති නිසාය. ආණ්ඩුවේ ප‍්‍රකාශකයන් හමුදා පනතේ 57 වන වගන්තිය යටතේ මෙම අත්අඩංගුවට ගැනීම කළ බව කීවත් ෆොන්සේකා මහතා යුද හමුදාපති පදවියෙන් ඉවත්වූයේ ඉකුත් වසරේ ජූලි මාසයේ බැවින් ඔහු හමුදාවෙන් ඉවත්වී දැන් හය මාසකට වඩා කාලයක් ඉකුත්වී ගොස් ඇත. එසේම හමුදාවෙන් ඉවත්වූ අයකු හය මසක් තුළ අත්අඩංගුවට ගැනීමට හේතුවන එකම වරදක් හෝ ෆොන්සේකා මහතා සිදු කොට ඇත්තේද නැත.
ජාතික ආරක්‍ෂක මණ්ඩලය යනු කිසිම නීතිමය විධිවිධානයක් යටතේ ස්ථාපිත කළ එකක් නොවේ. එහි ප‍්‍රධානියා වන ජනාධිපති දේශපාලනඥයෙකි. ඔහු විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ සමඟ දේශපාලන කරුණු සාකච්ඡුා කරයි.
හමුදා පනත, හමුදා නීතිය සහ ජාතික ආරක්‍ෂක මණ්ඩලය වැනි කරුණු ගෙන හැර පාමින් ආණ්ඩුවේ ප‍්‍රකාශකයන් සියලූ දෙනාම මෙම අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කරන්නට අසත්‍ය ප‍්‍රකාශ කරන්නේ ජනතාව මුලා කරන්නටය. ඕනෑම අයකු හමුදා නීතිය යටතේ අත්අඩංගුවට ගත් විට ඊට හේතු පාදකවූ චෝදනා පැය 24 ක් තුළ ඔහුට දැනුම් දිය යුතුය. එහෙත් ෆොන්සේකා මහතා කර ඇති වරද කුමක්ද යන්න ගැන පවා ආණ්ඩුවේ ප‍්‍රකාශකයන් සියලූ දෙනාට එකිනෙකට පරස්පර නොවන එක බොරුවක් ගොතා ගැනීමට හැකිවී නැත.
ෆොන්සේකා මහතා කර ඇතැයි ආණ්ඩුව කියන කිසිම කරුණක් රාජ්‍ය රහස් හෙළි කිරීමක් හෝ කුමන්ත‍්‍රණය කිරීමක් හෝ නොවන අතර ඔහු එවැනි කි‍්‍රයාවක නියුතු වී නැතැයි ද ඊයේ වීරයා අද දේශදෝහියා බවට පත් කරන මෙම ප්‍රෝඩාකාරී නින්දිත කි‍්‍රයාවට දේශපාලන බේදවලින් තොරව ජනතාවගේ විරෝධය පිළිකුළ සහ හෙළා දැකීම පළ විය යුතු යයිද කී විපක්‍ෂ නායකවරයා ෆොන්සේකා මහතා නිදහස් කරන මෙන් ජනතාව එක්සත්ව හඬ නැගිය යුතුව ඇතැයි ද කීය.




















