ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ ඊයේ (11) රෝමයේ පිහිටී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූහ. ඉතාලියේ විවිධ නගරවලින් පැමිණ සිටි විශාල පිරිසක් මේ උද්ඝෝෂණයට එක්වී සිටි අතර, උද්ඝෝෂණය කඩාකප්පල් කිරීමට තානාපතිවරයා ඇතුළු පිරිස දැඩි උත්සාහයක
නිරත වූ බව ඉතාලි ආරංචා මාර්ග පවසයි. ජනාධිපතිවරණ ප‍්‍රතිඵල දුෂිත බවත්, එය වහාම අවලංගු කළ යුතු බවත් පවසමින් උද්ඝෝෂකයෝ උද්ඝෝෂණයේ නිරත වූහ.දැනට අත්අඩංගුවේ සිටින ජෙනරාල් සරත් ෆොන්සේකාව වහාම නිදහස් කළ යුතු බව ඔවුහු ලංකා රජයට බල කර සිටි අතර, ශ්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා වන ව්‍යාපාරය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි. "ජෙනරාල් සරත් ෆොන්සේකා යුධ ජයග‍්‍රහණයේ සැබෑ වීරයා. ඔහුව අත්අඩංගුවට අරන් ඡන්ද මංකොල්ලයකින් බලයට පත්වෙලා රාජපක්ෂ ජනාධිපතිවරයා වීරයෙක් වෙන්න හැදුවට ජනතාව ඔහුව පිළිගන්නෙ නැහැ. මේ රජය කරන්නේ රට විනාශ කරන එක. අපි සම්පූර්ණයෙන්ම මේ දුෂිත පාලනයට විරුද්ධයි."උද්ඝෝෂණයට සහභාගිවී සිටි ලාංකීකයෙක් මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වා තිබිණි.






















Comments
Not only those who are living in Srilanaka even those who are around the world, let’s get together and march against this violence.
Whip out Rajapakshas from Srilanka and establish peace and democracy.
yes, we have to take this Indiamen out of SL to have a peaceful country
we dont want a another idiarmy in this world.
RSS feed for comments to this post.