ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහ පාලනය සම්බන්ධයෙන් ව්‍යාකූල තත්ත්වයක් රට තුල පැන නැගී ඇති බැවින් සාමූහික සම්මුතියක් ඇති කර ගැනීමට රට පුරා විසිරී සිටින සංඝයා වහන්සේලාගෙන් මහා සංඝ සමුළුවක් කැඳවීමට ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන් තීරණය කර ඇත.මෙම සමුළුව මහනුවර මහ මළුවේ ලබන 18 වෙනිදා සවස 3.00 ට පැවැත්වෙනු ඇත.
මෙම සමුළුවට එන්නැයි ආරාධනා කරන ලිපියක් රට පුරා සියළු පන්සල් වෙත යැවීමට අද කටයුතු කර තිබේ.එම ලිපිය සම්පූර්ණයෙන් මෙසේය:
ඓතිහාසික මහනුවර මහ මළුවේ පවත්වන මහා සංඝ සම්මේලනය
2010 - 12 - 18 වැනි දින පස්වරු 3.00 ට
--------------------------------------------------------------------------
ගරුතර මහා සංඝයා වහන්ස,
ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහ පාලනය සම්බන්ධයෙන් රට තුල යම් ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වී ඇති බව මේ වන විට ඔබ වහන්සේලාට ප‍්‍රත්‍යක්ෂ වී ඇතැයි සිතමු. එය අපේ රටේ අනාගතයට විශාල වශයෙන් ව්‍යසනයක් එක් කරනු ඇති බව අපගේ පිළිගැනීමයි.
මේ තත්ත්වය හමුවේ නිහඬව සිටීම භික්ෂූන් වහන්සේලා වශයෙන් අපගේ යුතුකම නොවේ. අතීතයේ පටන් භික්ෂුවගේ සාමූහික බලය රටේ ඉදිරි ගමනට මහත් දායකත්වයක් ගෙන දුන්නද පසුගිය කාලය තුල එය යම් අභියෝගයකටද ලක් වී ඇති බව ඔබතුමන්ලාද පිලිගන්නවා ඇත.
මේ සියළු කරුණු සැලකිල්ලට ගනිමින් රට තුල පවතින ව්‍යාකූල තත්ත්වය සමනය කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් යහ පාලනයත් තහවුරු කිරීම අරමුණු කරගනිමින් සාමුහික සම්මුතියක් ඇති කර ගැනීමට දිවයින පුරා විසිරී සිටින ත්‍රෛනිකායික මහා සංඝ රත්නයේ සහභාගීත්වයෙන් විශේෂ සඟ සමුළුවක් මෙම පෙබරවාරි මස 18 වෙනි දින සවස 3.00 ට ඓතිහාසික මහනුවර මහ මළුවේදී ත්‍රෛනිකායික මහා නායක මා හිමිපාණන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් ප‍්‍රදේශයේ මහා සංඝයාද වැඩමවාගෙන සහභාගී වන ලෙස මෙයින් දන්වා සිටුම්හ.
ඒ වගත් මෙසේම,
මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බොටුවාවේ ශ‍්‍රී සුමංගල නා හිමි
අස්ගිරි පාර්ශවයේ මහා නායක ලබුගම ශ‍්‍රී බුද්ධරක්ඛිත නා හිමි
අමරපුර නිකායේ මහා නායක දවුල්දෙණ ඥාණිස්සර නා හිමි
රාමඤ්ඤ නිකායේ මහා නායක වේවැල්දෙණියේ මේධාලංකාර නා හිමි
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මල්වතු මහ නායක හිමියෝ පැවසූවේ අප දැන් නිවේදන නිකුත් කළා ඇති බවත් යම් ක‍්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් බවත් ය.




















