යුද අධිකරණයේ පරීක්ෂණයක් සඳහා ප‍්‍රකාශයක් කීරීම හමුදාවට ජනරාල් සරත් පොන්සේකා මහතා ප්රතික්ෂේප කර ඇතැයි කියන හමුදාව ඊට ගතයුතු කි‍්‍රයා මාර්ගය ගැන නීතිඥයන් සමග නීති උපදෙස් පතයි. යුද හමුදා මාණ්ඩලික ප්රධානී මේජර් ජනරල් දයා රත්නායක ප‍්‍රමුඛ නිලධාරීන් කටඋත්තරයක් ගැනීම සඳහා ජනරල් සරත් පොන්සේකා රදවා සිටින නාවික හමුදා මූලස්ථානයට ගිය විට ඔහු එය ප‍්‍රතික්ෂේප කළේ,
දැන් සාමන්‍ය වැසියකු වන තමාගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට යුද හමුදාවට අයිතියක් නැති බව කියමිණි. සාක්ෂි සම්පිණ්ඩණයක් සඳහා ඔහු ප‍්‍රකාශයක් නොකළත් පරික්ෂණය දිගටම කරගෙන යන බව යුද හමුදාව කියයි.
යුධ හමුදා මාණ්ඩලික ප්රධානී මේජර් ජනරාල් දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් ජනරාල් ෆොන්සේකා මහතා රඳවා සිටින නාවික හමුදා මූලස්ථානය ගොස් ඇති අතර, මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන ලෙද ඔහුගෙන් ඉල්ලීමක් කර ඇත.
නමුත් මේ අවස්ථාවේදී ජනරාල් සරත් ෆොන්සේකා මහතා පවසා ඇත්තේතමන්ට මෙවැනි කිසිදු ප්‍රකාශයක් ලබා දීමට නොහැකි බවයි. මෙසේ පවසමින් ප්‍රකාශයක් ලබා දීම ජනරාල් සරත් ෆොන්සේකා මහතා ප්රතික්ෂේප කර ඇත. තමා දැන් හමුදා නිලධාරියෙකු නොවන බවත්, රටේ සාමාන්‍ය පුරවැසියෙකු බවත් පවසා ඇති ජනරාල්වරයා තමන්ගෙන් හමුදාවට ප්‍රකාශයක් ලබා ගැනීමේ කිසිදු අයිතියක් නැති බව මෙහිදී පවසා ඇත.
එමෙන්ම මෙම චෝදනා සම්බන්ධයෙන් තමන්ව යුධ අධිකරණයට ගෙන යෑමට ද කිසිදු අයිතියක් නොමැති බවත් මෙහිදී ජනරාල් සරත් ෆොන්සේකා මහතා පවසා ඇත. මේ අනුව ඉදිරියේදී ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව නීති අංශ සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව හමුදා ආරංචි මාර්ග පවසයි.




















