පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අභියෝගයට ලක්කරමින් ඉන් බලයට පත්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පත්වීම ප්‍රතික්ෂේපකරන ලෙස ඉල්ලා නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද ඡන්ද පෙත්සමක් ගොනු කළේය. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ
නීතිඥයින් මාර්ගයෙන් ගොනු කළ එම පෙත්සම මගින් ජනාධිපතිවරයා, මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු 20 දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ.



















