Home Section Blog Latest News ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය අහිමිවෙයි -යුරෝපා වෙළඳ ‍කොමිසම

ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය අහිමිවෙයි -යුරෝපා වෙළඳ ‍කොමිසම

E-mail Print PDF

යුරෝපා සංගමයේ සාමාජික රටවල් එකතුවී ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් යට‍තේ ලබා දෙනු ලබන බදු සහන තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ඊයේ යුරෝපා වෙළඳ ‍කොමිසම නිවේදනය කළේය. ජී.එස්.පී. ප්ලස් යනු තිරසාර සංවර්ධනය සහ යහ පාලනය දිරිගැන්වෙන පරිදි ලබා දෙන බදු සහනයකි. යුරෝපා කොමිසම විසින් මීට අදාළ නිල ‍නිවේදනය නිකුත්කරනු ලැබූවේ මෙම බදු සහනයට අදාල ගිවිසුමෙන් ශ්‍රී ලංකාව පොරොන්දුවී ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්ති තුන ආරක්ෂා කිරීමට නොහැකිවූ නිසා යැයි යුරෝපා සංගමය පවසයි.

මෙම තහනම ක්‍රියාත්මක වන්නේ මාස 6කට පසුව නිසා ශ්‍රී ලංකාවට මෙම ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට කාලයක් ලැබෙන බව ඔවුන් පවසයි. යුරෝපා වෙළඳ කොමිසමේ කොමසාරිස්වරයා වන කාල් ඩි ගෝච් මෙසේ පවසයි. ශ්‍රී ලංකා ආණ්ඩුව ඉදිරි 6 මාසය තුළ දැනට කඩවී ඇති මානව හිමිකම් පිළිබඳ අවධානය යොමු කොට එම තත්වයන් යහපත් කිරීමට කඩිනම් සහ ඵලදායි තීරණ ගැනීමට අප සමඟ එක්වෙනු ඇතැයි අප බලාපොරොත්තුවනවා.

ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය ඉවත් කිරීමේ තීරණය ගනු ලැබූවේ 2009 දෙසැම්බර් මස නිකුත්කරන ලද යුරෝපා කොමිසමේ වාර්තාවට සමානුපාතිකවය. මෙම පියවර නිසා ඇඟලුම් කර්මාන්තයද ඇතුළු සංවර්ධිත රටවලට අපනයනය කිරීම සඳහා භාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්ත ගණනාවක් අර්බුදයට යනු ඇත.

 

Comments  

 
0 #2 2010-02-19 01:49
until this stupid Rajapaksha in power we srilankan will have to suffer a lot; Rjapaksha can’t even stand in an international summit, shame to have a president like this man. As longs as this stupid party in power we all Srilankan will suffer and no future for our children. JR, Premadasa, Ranil, and CBK are great leaders. SF would have been the best leader as the hero of the war and the president of SL, but we made a mistake reappointing Rajapaksha again, we all will repent one day
Quote
 
 
0 #1 2010-02-18 05:16
This is a poor forign relationships. We need to have a good Forign Minister like Kadiragamar. This government had no good relationships with Europe and USA where the market is available. China and Rusia are not sufficient to sustain the market. Now over 800000 employees in the garment industry are under threat. This is not a human right problem. Weerawansa, Champika, Rathana etc are responsible for distroying our forign relationships. These drain mouthed people will do further damages to the country. Hon. President, Please be careful from them rather than SF.
Quote
 

Add comment


Security code
Refresh