ත්‍රෛනිකායික මහ නාහිමියන් වහන්සේලා විසින් සාමූහික සම්මුතියක් ඇති කර ගැනීම සඳහා ලබන 18 වනදාට මහනුවර ඓතිහාසික මහමළුවට කැඳවා තිබූ මහා සංඝ සම්මේලනය අවලංගු කොට තිබේ.රටතුළ පවතින ව්‍යාකූල තත්ත්වය සමනය කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදයත්, යහපාලනයත් තහවුරු කිරීම අරමුණු කර ගනිමින් සාමූහික සම්මුතියක්
ඇතිකර ගැනීම සඳහා සංඝ සම්මේලනය කැඳවා තිබුණේ මල්වතු-අස්ගිරි, අමරපුර හා රාමඤ්ඤ මහා නිකායවල මහානාහිමියන් වහන්සේලාගේ අත්සනින් යුතුව පසුගිය 12 වනදා නිකුත් කළ නිවේදනයක් මගිනි.මෙම සඟ සමුළුව පැවැත්වීම වලක්වා ගැනීමට ජනාධිපතිවරයා මුල්වී කටයුතු කළ අතර, මල්වතු අස්ගිරි මහනාහිමිවරුනට පෙරේදා දුරකථනයෙන් කථා කළ ජනාධිපතිවරයා නාහිමිවරුන් වහන්සේලාගේ ඉල්ලීම් හා අනුශාසන වලට ප‍්‍රමුඛත්වය දී කටයුතු කළ තමාට මේ අයුරින් එරෙහිව කටයුතු කරන්නේ ඇයි දැයි විමසා ඇති බව වාර්තාවේ.
මේ අතර ශ‍්‍රී ලංකාවේ බොහෝ පන්සල්වල වැඩවසන මල්වතු පාර්ශවයේ නාහිමියන් වහන්සේලා ඊයේ මල්වතු මහ නාහිමි තිබ්බටුවාවේ ශ‍්‍රී සුමංගල හිමියන් හමුවී, මහ මැතිවරණයක් පැවැත්වීමට දින නියම කර තිබෙන වකවානුවක මෙවැනි සඟ සමුළුවක් පැවැත්වීම නුසුදුසු නිසා දැනට එය කල් දමන ලෙසත්, පසුව එවැනි සමුළුවක් අවශ්‍ය නම් කැඳවන ලෙසත් ඉල්ලීමක් කළ බවද මල්වතු පාර්ශවයෙන් වාර්තාවේ.
මේ අතර, සඟ සමුළුව කැඳවීමට දැනුම්දුම් ලිපියට අත්සන් කළ අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක දවුල්දෙන ඤාණීස්සර හිමියන් අසනීප වී කොළඹ පෞද්ගලික රෝහලකට ප‍්‍රතිකාර සඳහා අද ඇතුලත් කොට තිබේ.
මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ගේ අත්සනින් හා අමරපුර මහ නිකායේ හා රාමඤ්ඤ නිකායේ මහා නාහිමිවරුන්ගේ අත්සන් රහිත නම්වලින් නිකුත් කළ නිවේදනයෙන් පවසන්නේ රටේ පවතින වාතාවරණය සැලකිල්ලට ගෙන මහාමළුවට රැස්වන මහා සංඝයා වහන්සේගේ සහ බෞද්ධ මහජනයාගේ ආරක්‍ෂාවත් ශ‍්‍රී දළඳා මාලිගාවේ ගෞරවයත් පිළිබඳව අවධානය යොමු කොට සඟ සමුළුව දින නියමයකින් තොරව කල් තැබූ බවයි.
එම නිවේදනය මෙසේයි,
ගරුතර මහා සංඝයා වහන්ස,
‘අනාධිමත් කාලයක් මේ රටේ රාජ්‍ය පාලකයින්ට සහ පොදු මහජනතාවට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ලද්දේ මහා සංඝරත්නය විසිනි. අතීතයේ පටන් භික්‍ෂූන් වහන්සේ ඉටුකළ මෙම ජාතික වගකීම අනුව රට තුළ සාමකාමී යහපත් පාලනයක් ඇති කිරීමේ අදිටනින් ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් 2010 පෙබරවාරි 18 වන දින මහනුවර ඓතිහාසික මහමළුවේදී මහ සඟ සමුළුවක් පැවැත්වීමට අපි තීරණය කළෙමු. එහෙත් රටේ පවතින වාතාවරණය සැළකිල්ලට ගෙන මහ මළුවට රැුස්වන මහා සංඝයා වහන්සේගේ හා බෞද්ධ මහජනයාගේ ආරක්‍ෂාවත් ශ‍්‍රී දළදා මාලිගාවේ ගෞරවයත් පිළිබඳව අවධානය යොමු කොට එම සඟ සමුළුව දින නියමයකින් තොරව කල් තැබූ බව සියලූම ත්‍රෛනිකායික මහා සංඝරත්නය වෙත මෙයින් දන්වා සිටුම්හ.’
ඒ වගත් මෙසේම,
තිබ්බටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන - මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මහානායක ස්ථවීර
උඩුගම ශ‍්‍රී රතනපාල බුද්ධරක්ඛිතාභිධාන - මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මහානායක ස්ථවීර
දවුල්දෙන ඤාණීස්සරාභිධාන - අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ස්ථිවීර
වේවැල්දෙණියේ මේධාලංකාරාභිධාන - රාමඤ්ඤ මහානිකායේ මහානාක ස්ථවීර







Comments
Is this the 'Dharma Rajya' of JHU. Uduwe tole he is leaving from politics. But he was in the Govt. deligation.
JHU go to hell.
RSS feed for comments to this post.