Home Section Blog Latest News ගිය වසරේ රාජ්‍ය ණය බර 15% කින් ඉහළ ගිහින්

ගිය වසරේ රාජ්‍ය ණය බර 15% කින් ඉහළ ගිහින්

E-mail Print PDF

ගිය වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මස දක්වා රජය දේශීය හා විදේශීය වශයෙන් ලබාගෙන ඇති මුළු ණය ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 529 ක් බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. එය 2008 වසරේ එම කාලයට සාපේක්‍ෂව 15% ක වැඩිවීමකි. මෙලෙස රටේ ණය බර ඉහළ යාම ආර්ථිකයට බලවත් බලපෑමක් එල්ල කරන අතර මේ නිසා ලබන අයවැයෙන් ජනතාවගෙන් අයකරනු ලබන බදු තවදුරටත් ඉහළ යා හැකි බවද පැවසේ. GSP + සහනය යුරෝපා කොමිසම විසින් අත්හිටුවීම නිසා විශාල ප‍්‍රමාණයකට රැකියා අහිමිවීමේ තර්ජනයක් එල්ල වී ඇති අතර මෙම පසුබිම යටතේ ලංකාවේ ආර්ථික තත්වය තවත් අයහපත් වනු ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වාදෙති.

 

Add comment


Security code
Refresh