එක්සත් ජාතික පෙරමුණ සමඟ පැවති සියලු සාකච්ඡා බිද වැටෙමින් ජෙනරාල් සරත්ෆොන්සේකා හා ජනතා විමුක්ති පෙරමුණ එකාබද්ධව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය “”කුසලානය “”ලකුණ යටතේ මෙවර සියලුම දිස්ත්‍රීක්ක සඳහා තරඟ වැදිමට තීරණය කර ඇත. “ජෙනරාල් සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් හා මගේ ලේකම් ධූරයෙන් අපේ පක්ෂය අනිවාර්යෙන්ම මැතිවරණ
දිස්ත්‍රීක්ක 22 ටම තරඟ වදිනවා.
ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ හා කණ්ඩායම් ගණනාවක් ඇතුළත්. කෙසේවෙතත්, මහ මැතිවරණයට තරග වැදීම සම්බන්ධයෙන් අප තවත් පක්ෂ හා කණ්ඩායම් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින්නේ. “ “ජෙනරාල් සරත් ෆොන්සේකා හා අනුර කුමාර දිසානායක යන මහත්වරු කොළඹ දිස්ත්‍රික්කයෙන්ද මම ගම්පහින්ද තරඟ කරනවා .බොහෝදුරට හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා හා ක්‍රීකට් හිටපු නායක අර්ජුන රණතුංග යන මහත්වරු ජාතික ලැයිස්තුවෙන්ද කුසලානය ලකුණ යටතේ මෙවර නාම යෝජනා දීමට සුදානමක් තිබෙන බව” විජිත හේරත් හිටපු ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරයා අප සමඟ කීය. මේ අතරේ,ජෙනරාල් සරත් ෆොන්‍සේකා නිදහස් කිරිමට ක්‍රමවත් පියවරක් නොගැනිම හේතුවෙන් නව සිහළ උරුමය පක්ෂය ඇතුළු එක්සත් ජාතික පෙරමුණ සමඟ සිටි පක්ෂ 05 ක් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ කුසලානය ලකුණ යටතේ මෙවර තරඟ වැදිමට තීරණය කර ඇතැයි ද පැවසේ.
මේ අතරේ,අද කෝට්ටේ සිරිකොත මන්දිරයේදි මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණ නාම යෝජනා අස්සන් තැබිම සිදු කරන බව පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක පවසයි. දිස්ත්‍රීක්ක කිහිපයක් සඳහා මෙසේ නාම යෝජනා අස්සන් තැබිම සිදු කරතත්,විපක්ෂයේ සෙසු දේශපාලන පක්ෂ වලටත් තවමත් තමන් සමඟ එක් විමට අවස්ථාව තිබෙන බවද හෙතෙම අවධාරණය කරයි.
තම පක්ෂය ලබන 25 හා 26 නාම යෝජනා භාර දෙන බවද කීය. මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණද එක්සත් ජාතික පෙරමුණ සමඟ මෙතෙක් නාමයෝජනා ලබා දෙන අපේක්ෂක ගණන පිළිබඳව පැවති මතභේද දුරු කර ගනිමින් එම පක්ෂය යටතේ දිස්ත්‍රීක් 05 කට අපේක්ෂකයින් ඉදිරිපත් කිරිමට අදහස් කර ඇති බවත් ඒ පිළිබඳ නිල නිවේදනය අද සවස අවසන් සාකච්ඡා වලින් පසුව ප්‍රකාශයට පත් කිරිමට නියමිත බවත් කියයි.
මේ අනුව මනෝ ගනේෂන් මහතා මෙවර එක්සත් ජාතික පෙරමුණ අලියා ලකුණ යටතේ නුවරඵළිය දිස්ත්‍රීක්කයෙන් බොහෝදුරට තරඟ වැදිමට නියමිතය. මේ අතරේ පිල්ලියාන් නොහොත් සිවනේෂතුරේයි චන්ද්‍රසේකරන්ගේ නායකත්වයෙන් යුතු ටී.එම්.වි.පී පක්ෂයද මෙවර නැගෙනහිර දිස්ත්‍රීක් තුනක් සමගින් යාපනය හා වන්නි දිස්ත්‍රීක්ක සඳහා ද වෙ වෙනම බෝට්ටුව ලකුණින් තරඟ වැදිමට අපේක්ෂකයින් දැනටමත් තොරා අවසන් කර ඇතැයි පවසයි.
ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කළ හිටපු මන්ත්‍රීන් වන සිවනාදන් කීෂෝර්,සතාසිවම් කනගරත්නම් හා තංගේෂ්වරි යන යන අය එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ වන්නි හා මඩකලපුවේ තරඟ වැදිමට තීරණය කර ඇති අතරේ ඊ.පී.ඩී.පි ය සන්ධානය යටතේ යාපනය ට අපේක්ෂකයින් ඉදිරිපත් කරන බව කියයි.






