Home Section Blog Latest News කොටි යැයි කී ජෙනරාල් සරත් ෆොන්සේකාට සහය දුන් TNA කොටසක් සන්ධානයට

කොටි යැයි කී ජෙනරාල් සරත් ෆොන්සේකාට සහය දුන් TNA කොටසක් සන්ධානයට

E-mail Print PDF

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී කේ.තංගේෂ්වරී මහත්මිය ඇතුළු පිරිසක් එක්සත් ජනතා ‍නිදහස් සන්ධානය යටතේ මෙවර මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර තිබේ. තමා ඇතුළු දෙමළ ජාතික සන්ධාන‍යේ සාමාජිකයින් 8 දෙනෙකු එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වූ බව තංගේෂ්වරී මහත්මිය පවසයි. ඒ අනුව ඔවුන් මහ මැතිවරණය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට අදාළ නාමයෝජනාවලට ද ඊයේ පස්වරුවේ අත්සන් තබා තිබේ. කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දුන් අතර එහිදී ආණ්ඩුව එල්ල කළ චෝදනාවක්වූයේ කොටි ත්‍රස්තවාදය නැවත ස්ථාපිත කිරීම සදහා ෆොන්සේකා මහතා සහ දෙමළ ජාතික සන්ධානය රහසිගත ගිවිසුමකට එළඹ ඇති බවයි.

 

Add comment


Security code
Refresh