Home Section Blog Latest News අපේ මුදල්වලින් අන්තර්ජාල වාරණ බැහැ - ලෝක බැංකුව රජයට අවධාරණය කරයි

අපේ මුදල්වලින් අන්තර්ජාල වාරණ බැහැ - ලෝක බැංකුව රජයට අවධාරණය කරයි

E-mail Print PDF

විදුලි සංදේශන නියාමන කොමිසමට එහි නියාමන රාමුව සංවර්ධනය කිරීම සදහා ලෝක බැංකුව විසින් අනුමත කර තිබෙන මුදල් අන්තර්ජාල වාරණ ක‍ටයුතු සදහා යොදා ගැනීමට නොහැකි බව, එම බැංකුව ශ්‍රි ලංකා රජයට අවධාරණය කර තිබේ. ලෝක බැංකු ප්‍රදානය යටතේ එවැනි වැඩසටහනක් අනුමත කර නොමැති බවද, මේ සම්බන්ධව ලෝක බැංකුව විසින් නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරට‍ත් සඳහන්ය. ලෝක බැංකුව සඳහන් කරන්නේ, විදුලි සංදේශ නියාමන කොමිසමට එහි නියාමන රාමුව සංවර්ධනය කිරීම සඳහා ලෝක බැංකුව විසින් ප්‍රදානයක් ලබාදෙමින් තිබෙන නමුත් එම මුදල් කිසිදු ලෙසකින් අන්තර්ජාල වාරණයක් වෙනුවෙන් යොදාගැනීම අනුමත කළ නොහැකි බවයි. කෙසේ වෙතත්, චීන වි‍‍ශේෂඥයින් මාර්ගයෙන් විදුලි සංදේශ නියාමන කොමිසම මෙරට තුළ වෙබ් අඩවි සඳහා වාරණයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි පුවත් පළවීමෙන් පසුව ලෝක බැංකුව විසින් මෙවැනි නිවේදනයක් නිකුත් කිරීම විශේෂ කාරණයකි

 

Add comment


Security code
Refresh